(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට කෝටි 10ක වන්දියක් නියම වූණේ තමා කළ වරදක් සඳහා නොව වෙනත් අය කළ වරදක් වෙනුවෙන් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
යම් ජනාධිපතිවරයකු පත් කළ නිලධාරියකු අතින් වරදක් සිදු වුවහොත් එහි වගකීම ඒ ජනාධිපති වරයාටද ඇති බව සඳහන් වන හෙයින් තමාට ඒ දඩ මුදල නියම වූයේ යැයිද එවැනි සදහනක් නොතිබුණේ නම් තමා නිර්දෝෂී පුද්ගලයකු වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
මෙපමණ විශාල වන්දි මුදලක් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් තමා සන්තකයේ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා රටපුරා ලෝකය පුරා හිතවතුන්ගෙන් මෙන්ම පුළුපුළුවන් අයගෙන් ඒ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒ කාලේ අගමැතිට ආරක්ෂක මණ්ඩල රැස්වීම තහනම් කලා කියපු කතාව බොරුද?
අනේ මගේ කට.
මේ ව්ගේ ජනාධිපති කෙනෙකු පත්කළ රටේ ජනතාවට තමයි ප්‍රථමයෙන්ම බුවල්ලෙන් තලන්න ඕනෑ ... උගත්කමේ හා සමාජ මට්ටමේ තරම තමයි මේ වගේ ප්‍රකාශ වලින් පෙනී යන්නේ ...
ඔය බබා ලෝකේ වටේ රවුම් ගහ ගහ හිටියා මිසක් මහජනතාව ගැන බැලුවේ නැහැ.
ඔව් ඒකෙත් ඇත්තක් නැත්තේම නැහැ. අනුන්ගේ උවමනාවක් පිරිමහන්න එතුමා නූල්සූත්රෙන් අරක හන්ගගන මේකෙන් කටයුතු කලා පමනයි.
බෑණත් මාමන්ඩි එක්ක සිංගප්පූරුවට ගිහින් නැවකදි පොඩි ගණුදෙනුවක් කළා කියලා ආරංචියක් තියෙනවා. ඇත්තද දන්නේ නෑ !
සහතික ඇත්ත. මම ඔබවෙනුවෙන් කතා කර තිබෙනවා.
බලතලයි දීමනයි නම් අහස උසට භුක්තිවිදින්න ඇති. නමුත් තමන් දරපු තනතුරේ වගකීම ගැන මල පොතේ අකුරක් දන්නෙ නැතිවයි මේ කතා කරන්නෙ.
එය බලපාන්නේ නොකළ වරද කෙතරම් බරපතලද කියන කාරනාව මතයි
කෙනෙකුට වගකීම පැවරුවත් වගවීම පවරන්න බැහැ. ඔබ කියන ආකාරයට කටයුතු වේනම් රට අරාජික වෙනවා කියලා කියන්න පුළුවන්
කොන්ද පන නැති ජනාධිපති කෙනෙක් දැක්කමයි.
ලබන සැරේ චන්දයට එනවාට වෙන්න ඇති .මේ කාලේ හැම තැනම වෙන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන එකනේ ?ගණන් ගන්න එපා ගෙදර ගිහින් කුඹුරු කොටන්න පටන්ගන්න .දන්නා කර්මාන්තය නේ?
මහා සමිමත වංශයෙන් පටන් ගත් අපේ ඉතා ඉහල තලවල පදවි තානාන්තර තනතුරැ වලට, තුන් කල් දක්නා විමසුමි නුවණක් නැති, ලද පුරැද්දක්, කළ පුරැද්දක්, මතු නොව පළපුරැද්දක් නැති පිස්සන් පුස්සන් පත් කර ගෙන අපි දැං කනවෝ කනවෝ කිය කියා ආඩ පාලි නගනවා හැරෙන්න අපට කළමනා කිසිවක් නොමැති නියාවෙන් සෝ සුසුමි මුදා හරිමින් කල් මරමින් සිටීම එකම විකල්පය ලෙස තෝරා ගෙන සිටීද?
ඒක ඇත්ත මංත්‍රිතුමා ඒකට වගකියන්න ඕන ඔහේ නොවෙයි මොකද 2014 නැත්නම් ඊට පෙර දවසක ඔහේ වගාකල අලයක් ගලවා රූපවාහිනී හරහා රටට පෙන්වීම නිසා (මිනිස්සු හිතන්න ඇති 1994 තුනයි පනහට පාන් කෑව ඇති දැන් අල කනවා කියලා ) ඔබට රැවටී ඔහේට ඡන්දෙ දීලා ජනාධිපති කරපු ඡන්ද දායකයින් තමයි සම්පූර්ණයෙන්ම වැරැද්ද කරල තියෙන්නෙ.
මේ ඛේදවාචකය සියල්ලෝම කලින්ම දනිති, නමුත් වින්දිතයන් සහ පල්ලිය!
ඔබ මගේ පැත්තේ ආධාරකරුවෙක්ද?
ඇත්ත නෙ. වරද කලේ සහරාන් නෙ. මෙහෙම ජනාධිපතිලත් අපිට හිටියා නෙ. ආරක්ෂක මණ්ඩලය රැස් කරන්න ඕන බව දන්නෙ නැති ජනාධිපති පත්කරගත්න මූලික වුන සියලු දෙනාටම මෙවරවත් බුද්ධිය පහල වේවා.