
(ගයාන් සූරියආරච්චි)
වසර 14 ක් තිස්සේ තම වැදූ මව සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකික තරුණියක් නැවත වරක් තම මව සෙවීම සදහා ඉකුත් දා ලංකාවට පැමිණියාය.
ඇය නමින් ජානා බෙකර්ය. ඇයගේ උප්පැන්න සහතිකයේ සදහන් ලංකාවේ නම වනුයේ වාසනා මල්කාන්ති ය.
ඇයට සති තුනක් පමණ වන විට වැදූ මව විසින් ජර්මන ජාතික යුවළකට ඇය හදාගැනීම සදහා බාරදී තිබේ. ඇය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ ජීවත්වේ.
ඇය 1990 වසරේ අප්‍රෙල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල්වීදිය රෝහලේ උපත ලබා ඇති අතර ඇය ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම කාසල් රෝහල අසලට යාමට අමතක නොකරන්නේ කොයිම මොහොතක හෝ ඇගේ මව කාසල් රෝහල අසල හිදීවි යන විශ්වාසයෙන් බව ඇය පවසන්නීය.
ඇය පවසන්නේ ඇයගේ මව සොයා ලංකාවේ බොහෝ නගරවල සොයමින් ඇවිද ගිය බවය. ගුවන්විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත්වල ද විස්තර ලිපි පළකලද ඇය පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බවය.
ඇයගේ බලාපොරොත්තුව ඇයගේ මව එක පාරක් බලාගැනීම බව ඇය කියයි. ඇගේ වැදූ මවගේ අඩුව නිතරම දැනන බවත් එක පාරක් ඇය සමග කතාකරන්න, තුරුලටවී සිටින්නටත් ඇය ආස කරන බවද ඇයි කියන්නීය.
කෙසේ වෙතත් විවිධ කාන්තාවන් ඇය ගේ මව බව පවසමින් ඉදිරිපත් වන හෙයින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර නිශ්චිතව ඇයගේ මව ද යන්න සනාථ කරගැනීමට ද ඇය කැමැත්තෙන් සිටින්නීය.
1990 වසරේ අප්‍රේල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල් රෝහලේ දී උපත ලැබූ දැරියක ජර්මන් ජාතික කාන්තාවකට හදාගැනීම දී ඇත්නම් 0711 31 78 33 අංකයට අමතන ලෙස ඇය ඉල්ලා සිටින්නීය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මට මගේ අම්මා හොයා දෙන්න‘‘
චතුර Tuesday, 09 April 2024 11:52 AM
කොච්චර වේදනාවක් ඇත්ද ඔය හිතේ. පව්, ඔබේ පැතුම ඉක්මනින් ඉටුවේවා!
kam Tuesday, 09 April 2024 02:56 PM
අනේ, පුලුවන් කෙනෙක් උදව් කරන්න. ඇය මිය ගිහින් වෙන්නත් පුලුවන්, ඔබ ලැබෙන විට අවිවාහකව සිටියා නම්, ඇය ඉදිරිපත් නොවෙන්නත් පුලුවන්.
Weerasingham Tuesday, 09 April 2024 07:27 PM
ඇත්තටම මධ්‍යම රජයේ පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව 1987 වර්ෂයේ ඇතිකල පලාබබාල නිසා අහෝසි නොවුනත් බලතල එක් එක් පළාත් සභා සදහා බෙදීගියා සාමාන්‍යයෙන් දරුවෙකු විදේශීය පුරවැසියකුට දරුකමට දෙන විට එම වාර්තා විනාශ වීම හෝ කිරීම මෙයට හේතුවක් වෙනවා ඒ සමගම මෙයට කලකට පෙර රාජ්‍ය ආයතන උඩදාගෙන නටපු එලදායිතාවය නැමැති සෙල්ලම නිසා රජයේ ආයතන සතුව තිබූ ඉතාමත් වටිනා ලේඛන බොහොමයක් විනාශ කරපු බව පේනවා එම කාලයේ රාජ්‍ය සේවයට පැමිණි අපි ලොක්කො කියලා හිතාගෙන වැඩකල අයගේ නොදැනුවත්කම මහ කල ක්‍රියාවන් තවත් හේතුවක් වුණා..