(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෝප්,කෝපා කමිටුවලට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කාගෙන්වත් ඇසීමට තමාට අවශ්‍යතාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවේය.
සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් එම පත්කිරීම් කරන බවද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
තමා කටයුතු කරන්නේ ස්ථාවර නියෝග අනුව බවත් ඉන් පිට කටයුතු කිරීමට අදහසක් නැති බවත් අබේවර්ධන මහතා පැවසුවේය.
තමාගේ වචනය නීතිය නොවන බව පැවසූ කතානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට නීති පොතක් තිබෙන බවද ප්‍රකාශ කළේය.
එය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංග්‍රහය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මොහොමඩ් මරික්කාර් මහතා මෙම ප්‍රශ්නය යොමු කරමින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් කෝප් ,කෝපා කමිටු තවමත් පත්කර නැතැයි චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම්, සුපුරුදු පරිදි පවුලේ අය පත්කර ගන්න පුළුවන්... දැනටමත් මෙයා කතානායක කාර්ය මණ්ඩලයට පවුලේ අයව පුරවලා...
ඒත් අපි කියන දේ ඇහැව්වේ නැතිනම්, අල්ලලා හිටවන්න ඔලුවේ තණකොළ...!
කල් ඉල්ලගෙන කෑවා.. සියලු දේ දත් කියලයි හිතාගෙන ඉන්නේ...!