
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගර සභා අපේක්ෂක ලැයිස්තුවේ තවමත් සිටින මුජුබුර් රහුමාන් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් තිබේදැයි නීතිමය තත්ත්වය විමසීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් අහෝසි වූ පසු එම පුරප්පාඩුවට මුජුබුර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කළේය.
පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු තවමත් අහෝසි කර නොමැති හෙයින් මුජුබුර් රහුමාන් මහතාට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් විමසීමටද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
පසු පෙළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මධුර විතානගේ හා ප්‍රේමනාත් සී දොළවත්ත යන මන්ත්‍රීවරුන් අදාල කාරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද කරුණු දක්වා ඇත.
පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක යම් පුද්ගලයකුට හිතුමතයේ මෙලෙස ඉල්ලා අස්වීමට නීති ප්‍රතිපාදන නැතැයි ඔවුන් විශ්වාස කරන බවත් කළ යුතුව ඇත්තේ මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා ලැයිස්තුවම අවලංගු කිරීම බවත් ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුවේ සිටිය දී මීට පෙර කවුරුන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දී තිබේද? එවැනි තත්ත්වයක් යටතේ අදාල පළාත් පාලන නාමයෝජනා ලැයිස්තුවේ සිටින සෙසු අයගේ නාම යෝජනාවලට සිදුවන්නේ කුමක්ද? ආදී තාක්ෂණික ගැටලු විසඳා දෙන ලෙසත් නැතිනම් එය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් විමසීමට තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මුජිබුර් රහ්මාන්ට පක්ෂයත් නොවේ සහ ඔහු පාර්ලිමේන්තුවට ආවයි කියලා රටට හොඳ දෙයක් වෙන්නත් නැහැ. නමුත් මිනීමරුවන් මේ පාර්ලිමේන්තුවේදී මේ කතානායක ඉදිරියේදී දිවුරුම් දෙද්දී සහ කප්පම්කාරයෙක් ජනාධිපති ඉදිරියේදී ඇමැති ධුරය අරන් දිවුරුම් දෙද්දී, මේ මොන කජ්ජක්ද?
හහ් හහ්. එකට එක...
පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුවල සිටින අනිකුත් අපේක්ෂකයින්ට, විශේෂයෙන්ම රජයේ සේවකයින්ට, ආපසු තමුන්ගේ රැකියා සඳහා යන්න බැරි අතරේ ඇයි මේ මන්ත්‍රී කෙනෙක් ආපහු එන්න හදන්නේ...? හැමදේටම යුක්තිය, සාධාරණය ඉල්ලන අය ඔතැනදී තමුන්ගේ වාසියට වැඩද?
මුජිබර් ඉදිරි මාස කිහිපය සදහා පාර්ලිමේන්තු ගියා කියලා විශාල වෙනසක් රටේ වෙන්නේ නැහැ .නමුත් කෙනෙකුට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙන් හෝ ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න පුළුවන් කම තිබෙද්දී මේ ලිස්තුවෙන් ඉල්ලා අස්වෙන්න බැරි කමක් නැහැ , ඔය චන්දෙ අවුරුදු ගණනක් පවත්වල නැහැ ,චන්දෙට ඉදිරිපත් වුන සක්‍රිය රජයේ සේවකයන් සම්බන්ධයෙන් ප්‍රශ්නය මිට වැඩිය සංකීර්ණ වෙනවා ,රජයේ සේවකයන්ට වුනත් ලැයිස්තුවෙන් ඉවත් වෙන්න පුළුවන්
කප්ප්ම් සිද්ධියකට වරදකරු වුන කෙනෙකුට පාර්ලිමේන්තු ඉන්න පුළුවන්ද
ලොකුම දැවෙන ප්‍රශ්නයක් වගේ...!