
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.
රහුමන් මහතා එම මන්ත්‍රී ධුරයට පත් කෙරෙන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (9) පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එම පුරප්පාඩුව සඳහා සමග ජන බලවේගය පක්ෂයෙන් මුජිබර් රහුමන් මහතා කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ධූරය සඳහා තරග වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉවත්විය.
රහුමන් මහතා පාර්ලිමේන්තුවට මුලින්ම පත් වූයේ 2017 වර්ෂයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතල අන්තවාදියා
එතකොට එයාගේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක කම ඉවරද. එයාට වගේ අනික් අයටත් ඒ අයගේ පරණ රජයේ රැකියාවලට යන්න පුලුවන්ද.
ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ට ලැජ්ජා නෑනෙ. පාලිත තෙවරප්පෙරුම වගේ මිනිස්සුන්ගේ ළඟින්වත් තියන්න බෑ...
ඔහුට හැකිද? ඔහුගේ නම තවමත් පළාත් සභාව සඳහා සක්‍රීය නාමයෝජනා ලැයිස්තුවේ ඇත.
කොහෙන් ගියත් දිනලා තියෙන්නේ ඒ ගොල්ලම තමයි.