(සුජිත් හේවාජුලිගේ)
කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම්දීම නිසා ඇතිවී ඇති නෛතික ගැටලුව විසඳීම සදහා නීතිපතිවරයා හමුවී නීති උපදෙස් ලබාගත යුතු බවට, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කළ කරුණු පෙන්වාදීමකින් පසු අගමැතිවරයා මෙසේ උපදෙස්දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් බබාවත් එයා වටේ ඉන්න කළු කෝට් බබාලත් නීතිය දන්නේ නැහැ කියලා අපි දැන ගත්තේ ලාල් කාන්ත මැයි පළමු වෙනිදා කිව්ව කතාවට ඒගොල්ලෝ ෆයර් වෙච්ච තරමටය. අඩුම තරමින් ඒගොල්ලෝ දන්නේ නැහැ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන අනු ව්‍යවස්ථාවේ, "ශ්‍රිලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු බවත් එය අත්හල නොහැක්කේය" යනුවෙන් සදහන් වෙලා තියෙන වග, හෝ එහෙමත් නැතිනම් පරමාධිපත්‍යය යනු කුමක්ද වග. ඒ නිසා නීතිය නොදන්නා නීතිඥ මහත්වරුන්ගේ උපදෙස් පිට දිවුරුම් දුන් මුබර්ජිගේ මන්ත්‍රීකම ඩයනා මැඩම්ට උවමනා නම් නැති කරන්නත් පුළුවන් වෙයි.
අරවින්ද, ඔබ හරි, ටෙලිෆෝන් එකේ කලුකෝට් බලකාය ඩයනාගේ මන්ත්‍රීකම ඕෂද නඩුදාලා නැති කරනකං බලා ඉඳලා තමන් කළා වගේ මාධ්‍ය ඉදිරියට ඇවිත් දොස් කියන්නේ මාලිමාවට, අපොයි කිසිම තර්කයක් නොදන්නා එහෙම කලුකෝට් කාරයෝ...
ඔය ගමන්ම මාලිමාව කියන පක්ෂය ලියාපඳිංචි කරලද, එයාලගේ මැතිවරණ කටයුතු නීත්‍යානුකූලද, මාලිමාවට අරමුදල් එකතු කිරීම නීත්‍යානුකූලද? ඒ අරමුදල් විඝණනය කරලද කියන කාරණාත් හොයා බලන්න ඕනේ.