(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
සුරාබදු ආරක්ෂක නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදි මාංචු කුට්ටමද සමග පලාගියා සැකකරැවන් දෙදෙනා ගෙන් එක් අයෙකු ඔහුගේ නිවසේදි අද (02)දින අත්අඩංගුවට ගත් බවත් අනෙකා පැමිණ භාරවු බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා පැවසිය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ නොච්චියාගම,බෝගස්වැව ප්ර.දේශයේ පදිංචි වයස අවුරැදු 18 තරැණයෙකි.ඔහු සන්තකයේ තිබු මාංචු කුට්ටමද සුරාබදු නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.එම ප්රඩදේශයේම පදිංචි අනෙක් 24 හැවිරිදි සැකකරැ සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පිහිටි විශේෂ මෙහෙයුම් කාර්යාලයට පැමිණ බාරවි තිබේ.
සුරාබදු විශේෂ හෙහෙයුම් ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් මොවුන් මත්කුඩු පානය කරමින් සිටියදි නොච්චියාගම බෝග්සවැව ප්රනදේශයේදි අත්අඩංගුවට ගෙන ජිප් රථයකින් අනුරාධපුරයට රැගෙන යමින් සිටියදි සිංහාරගම ආසන්නයේදි මාංජු පිටින් පෙරේදා (31) දින රාත්රින පලාගොස් තිබුණි.
සැකකරැවන් අද (02)දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව එක් අයෙකුට රැපියල් හත්දහසක දඩයක් නියමවු බවත් එම දඩ මුදල් ගෙවිමෙන් අනතුරැව ඔවුන් මුදාහැරිය බවද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරිහු පැවසුහ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතාගේ උපදෙස් මත සුරාබදු පරික්ෂක අමිල සේනානායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් විසින් සැකකරැවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd