(බිමල් ශ්‍යාමන් ජයසිංහ, යොහාන් බාසුර සහ බන්දු තඹවිට)
මීගහතැන්න පැලවත්ත ඉන්ධන හලේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමේදී අහසට වෙඩි තබා එය වැළැක්වීමට සිදු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
දින 4කට පමණ පසු එම ඉන්ධනහලට පැට්‍රල් සහ ඩීසල් ඉන්ධන ලැබී ඇති අතර ප්ලාස්ටික් බූලි කිහිපයක් රැගෙන පැමිණි පුද්ගලයකු ඒවාට ඉන්ධන බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමේදී එහි සිටි පොලිස් නිලධාරියෙක් එය වලක්වා ඇත.
එම අවස්ථාවේදී ආරක්ෂාවට සිටි හමුදා සෙබළකු ද එම ස්ථානයට පැමිණි ඇති අතර ඉන්ධන බලහත්කාරයෙන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට හිතවත් පිරිසක් හමුදා සෙබලාගේ ගිනි අවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමඟම මෙම වෙඩි තැබීම සිදු වී ඇතැයි පොලිසිය කියයි
ඒ සමඟම පිරිසක් ඉන්ධනහලට ගිනි තැබීමට උත්සාහ කරන බවට ලද තොරතුරු අනුව ආරක්ෂාකාරී පියවරක් ලෙස ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට නොගත් අතර ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd