(දිලීප් ජයසේකර)
අනුරාධපුර ගල්කුළම යුද හමුදා කඳවුරට අයත් හමුදා ට්‍රක් රථයක් සූරියවැව මීගහජදුර ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළදී අද (24) මාර්ගය හරහා පෙරළී යාමෙන් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රියදුරු පුහුණුවේ යෙදුණු යුද හමුදා ට්‍රක් රථයකි. ට්‍රක් රථය අනතුරට පත්වන අවස්ථාවේ රියදුරු උපදේශකවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරීන් 13 දෙනෙකු ගමන් කර තිබේ.
ට්‍රක් රථය සූරියවැව ගොන්නෝරුව මාර්ගයේ ගමන් කරමින් තිබියදී එකවරම මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී අනතුරට පත්ව තිබේ.
අනතුරින් තුවාල ලැබු සෙබළුන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑතකාලිනව යුධ හමුදා වාහන රිය අනතුරු වල වර්ධනයක් පෙන්නනවා. මම හිතන්නේ ඒ රියදුරන් තමුන් හමුදාවේ නිසා අපරික්ෂා කාරීව රිය පැදීම වැඩි කියල. එකෙන් අනතුරේ වැටෙන්නේ ඔහු විතරක් නෙමෙයි ඔහු සමග යන අනිත් සහෝදර සෙබළුනුත්
යුධයක් නැති වුනත් හැම සතියකම හමුදා වහනයක් ලොකු අනතුරකට ලක්වෙනවා , මාසෙකට අඩුම තරමෙන් 10 වත් මැරෙනවා , කොටි ගණනක පොදු දේපල විනාශ වනවා , මේක කවදද නවතින්නේ ?
අපි හමුදාවට ගොඩක් ආදරෙයි. හදවතින්ම ගරු කරනවා. නමුත් හමුදා රියදුරන් ඉතා වේගයෙන්, අවනීතිව වාහන පදවනවා. එ්කයි මේ අනතුරුවලට මුල. රිය පුහුණුවකදී මේ වගේ පෙරලෙන්නේ නැත. අධික වේගය තමයි.