(නිමල කොඩිතුවක්කු)
කෘතහස්ත දේහපාලඥයෙකු වූ මංගල සමරවීර මහතා ආරම්භ කරන ලද ‘ෆ්‍රීඩම් හබ්‘ ඩිජිටල් සහ නිර්මාණාත්මක අන්තර්ගත හා කුසලතා සංවර්ධන සහ සහයෝගීතා පදනම මාතරදී නැවත වරක් ආරම්භ කිරීමට නියමිතය.
සන්නාම, කලා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සේවය කරන තරුණ කණ්ඩායමක මෙහෙයවීමෙන් ‘ෆ්‍රීඩම් හබ්‘ නැවත ඇරඹෙයි.
නිර්මාණාත්මක සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීමට උනන්දු වන තරුණ තරුණියන් වෙනුවෙන් ‘ෆ්‍රීඩම් හබ්‘ හි නිර්මාණාත්මක ව්‍යවසායකත්වය වැඩසටහන 2023 පෙබරවාරි මස අගදී ආරම්භ කෙරෙන අතර ඒ සඳහා වන අයඳුම් පත් samaraweerafoundation.org/freedom-hub වෙබ් අඩවිය හරහා ලබන ජනවාරි 31 වන දින දක්වා ලබා ගත හැකිය.
නිර්මාණාත්මක මනෝභාවයක් සහ ප්‍රකාශනයක් පුළුල් කිරීම සහ ව්‍යවසායකත්ව කුසලතා සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ගොඩනැගීම මෙහි ප්‍රධානතම අරමුණ බව ෆ්‍රීඩම් හබ් සංවිධායක මණ්ඩලය පවසයි.
විශේෂයෙන් කලාකරුවන්, ග්‍රැෆික් නිර්මාණකරුවන්, ශිල්ප සහ නිෂ්පාදන ශිල්පීන්, සන්නාම සාදන්නන්, දෘශ්‍ය කතන්දරකරුවන් (චිත්‍රපට නිෂ්පාදකයින්/ වාණිජ්‍ය වීඩියෝ ශිල්පීන්) සහ ඩිජිටල් මාධ්‍ය තුළ අන්තර්ගත නිර්මාණකරුවන් වැනි නිර්මාණාත්මක සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීමට උනන්දු තරුණ තරුණියන් වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වනු ලබයි.
අවුරුදු 17- -ත් 35 අතර වයසැති මාතර පදිංචි සතියේ දිනවල සවස් කාලයේ සහ සති අන්තයේ සැසි කිහිපයකට සහභාගී වීමට හැකි අයට අයදුම් කළ හැක.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.