(ඉන්දිකා රාමනායක)
මීගමුව අධිකරණ සංකීර්ණයේ ආසන්නයේ දී පසුගියදා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් දෙදෙනකු පිස්තෝලයක් සහ බෝම්බයක් සමඟ සමග මීගමුව ලෙල්ලම ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ .(5) පස්වරුවේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලද තොරතුරකට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ, සහ ගලෙන්බිඳුනුවැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 39.38 යන පුද්ගලයන් බවද පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එක් සැකකරුවකු මීගමුව අධිකරණ සංකීර්ණය ආසන්නයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු බවට හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd