(කේ.බුද්ධික කුමාරසිරි)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොළ වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ රුපියල් 45.000ක මුදලක් පැහැර ගැනිමත් සමග තමන් ආරක්ෂිත බව පවසමින් එහි වෙළෙන්දෝ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූහ.

යතුරු පැදියකින් කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනා අද (12) අලුයම එහි සේවිකාවට වෙඩි තබා මෙම කොල්ලය සිදු කළ අතර තුවාල ලැබූ සේවිකාව  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ වෙඩි ප්‍රහායට ලක් වූ සේවිකාව සහ එහි එක් සේවකයකු පමණක් සේවයේ රැඳී සිට ඇති අතර වෙළෙඳහල් හිමිකරුට දුරකතන ඇමතුමක් දී නිවෙසට ඇරලවන්නැයි පවසා විනාඩ කීපයක් ඇතුළත මෙම සිද්ධිය සිදුව තිබේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානේ පොලිස් මුරපොළ පෙනෙන මානයේ ඇති මෙම වෙළෙඳහලෙහි කොල්ලය සිදුවී සෑහෙන වේලාවක් යනතුරු කිසිදු පොලිස් නිලධාරියකු එම ස්ථානයට නොපැමිණි බවත් ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන්ට ලොකු සටනක් කර පොලිසිය ගෙන්වා ගැනීමට සිදුවූ බව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෝ පැවැසූහ.කොල්ලකරුවන් දාම්පේ බෙරැකැටිය මාර්ගය දෙසින් පැමිණ කොල්ලය සිදුකර ඒ දෙසටම පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.වෙඩි ප්‍රහාරයට ලක් වූ වෙළෙඳහල් සේවිකාවගේ ශරීරයේ උණ්ඩ කැබලි තුනක් ඇති බවට නිරීක්ෂණය වූ බව හෝමාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

-------------------------------------------

(කේ බුද්ධික කුමාරසිරි)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළද සැලකට අද (12) අළුයම ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සිටි සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වෙළද සේවිකාව හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේදී එම වෙළදසැලෙහි ගිණුම් කටයුතු සිදු කරන සේවිකාව සහ එක් සේවකයකු පමණක් රැදී සිට ඇත.

වෙළද සැලෙහි දෛනික කටයුතු අවසන් කර එහි ගිණුම් සේවිකාව නිවසට ඇරලවීම සදහා වෙළදසල් හිමිකරුට දුරකතන ඇමතුමක් ලබා දී විනාඩි කිහිපයක් ඇතුලත යතුරු පැදියකින් ගිනි අවියක් රැගෙන කොල්ලකරුවන් දෙදෙනා වෙළදසැලට පැමිණ මුදල් කොල්ලය සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.

මීගොඩ පොලිස් මුරපෙල පෙනෙන මානයේ තිබෙන මෙම වෙළදසැලෙහි මංකොල්ලය සිදු වී විශාල වේලාවක් යනතුරු කිසිදු පොලිස් නිළධාරියකු අදාල ස්ථානය වෙත පැමිණ නොමැති නිසාවෙන් ආර්ථික මධ්‍යස්ථාන ⁣ව්‍යාපාරිකයන්ට විශාල ඝෝෂාවක් සිදු කර පොලිස් නිළධාරීන් ගෙන්වා ගැනීමට සිදු වූ බව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් පවසති.