IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට දෙකක් සැකපිට

(කේ. බුද්ධික කුමාරසිරි)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සහ අදාල වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයකු ඇතුලු සැකකරුවන් දෙදෙනකු අද (17) දින අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

වෙඩික්කරුවන් දෙදෙනා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මුදල් කොල්ලයෙන් පසු පූගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතුව තිබූ රත්‍රං ආභරණ කිහිපයක්ද කොල්ල කා පලා ගොස් අදාල ව්‍යාපාරිකයාට අයත් අවන්හලක යතුරු පැදිය සගවා තිබූ බවත් පොලිසිය පවසයි.

එම වෙඩික්කරු ඇතුලු දෙදෙනාට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයකු ද අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන 39 හැවිරිදි පුද්ගලයකු සහ 44 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (0)

මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site