(ඉන්දිකා  රාමනායක)

පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටි  නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී  2023 වසර ආරම්භය වෙනුවෙන්  අද (2) පෙරවරුවේ  පැවති උත්සවයක් අතරතුර එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂකවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්  දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග නැගුම  ව්‍යාපෘතියේ රියදුරු  සංගමයේ සභාපතිවරයා සහ එහි කාරක සභිකයෙකු බව පොලිසිය පවසයි.

උත්සවයක් අවසානයේ පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවට පොලිසියට ලද  පැමිණිල්ලකට අනුව විමර්ශනය කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා හෙට (3)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පෑලියගොඩ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.