IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මග නැගුම ලොක්කන්ට එල්ල වූ කිරිබත් ප්‍රහාරය ගැන පරීක්ෂණයක්

(ඩයනා උදයංගනී)

මග නැගුම ආයතනයේ නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (2) උදෑසන පැවති උත්සවයේ දී එහි සභාපතිවරයාට හා විධායක අධ්‍යක්‍ෂවරයාට තර්ජනය කර කිරිබත්වලින් ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම පොලීසියට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම ආයතනයේ සභාපති ඒ.ඒ යෝගේන්ද්‍ර පෙරේරා සහ විධායක අධ්‍යක්‍ෂ මහේෂ් වික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙමින් තිබියදී එම ස්ථානයට කඩාවැදුණු සේවකයන් ලෙස පෙනී සිටින සංවිධානාත්මක මැර පිරිසක්, ගේට්ටු වසා දමා සභාපතිවරයා අතින් මයික්‍රෆෝනය ද උදුරාගෙන ජාතික කොඩිය එසවීම ආදී ක්‍රියාකාරකම්වලට බාධා කර තනතුරුවලින් ඉවත්වන ලෙස ඔවුන්ට මරණීය තර්ජන පවා එල්ල කර ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙය සංස්ථාවේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව කී ඇමතිවරයා තමන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව ද කීවේය.



අදහස් (8)

මග නැගුම ලොක්කන්ට එල්ල වූ කිරිබත් ප්‍රහාරය ගැන පරීක්ෂණයක්

ravin Tuesday, 03 January 2023 03:42 PM

සුදුලුනු වගේ හොරකම්ද කරලා තියෙන්නෙ? චන්ඩි කම්වලට චන්ඩි කමින්ම තමා සලකන්න ඔනෙ.

:       6       20

Sunil Tuesday, 03 January 2023 04:29 PM

හොර තකතීරු දේශපාලන හෙන්චයියල. මෙ ඇමතිලටත් සලකන්න ඔනෙ මෙහෙමම තමයි.

:       8       18

sharm warn Tuesday, 03 January 2023 04:50 PM

කිරිබත් වලින් ගහපු එක ගැන පින් දීපන් මචං.

:       3       3

fairoos Tuesday, 03 January 2023 04:53 PM

අපරාදෙ කිරිබත් ටික. ගහන්න තිබ්බෙ කුණු බිත්තර.

:       2       3

Kumara Tuesday, 03 January 2023 06:18 PM

ඔහොම කරලා මදි. තව බරදාලා දෙන්නෝනි නැත්නම් මේ ගොං හරක්ට තේරෙන්නේ නෑ,

:       2       2

චන්දිම Tuesday, 03 January 2023 06:29 PM

උදෙන්ම කිරිබත් කාල වගේ.

:       2       2

Perera Tuesday, 03 January 2023 07:54 PM

බන්දුලටත් ඔය වගේ කිරිබත් සංග්‍රහයක් දෙන්නයි තියෙන්නේ.

:       3       3

uk ran Tuesday, 03 January 2023 09:46 PM

සමිති කාරයෝ කොහොමත් විරුද්ධයි වැඩක් වෙනවට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site