(ඩයනා උදයංගනී)
ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා ඇතැයි කී කොළඹ අගරදගුරුතුමෝ තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් යැයි ද සඳහන් කළහ.
කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදල පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙත ලබාදීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අද (14) පැවති උත්සවයට එක්වෙමිනි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස පාප්වහන්සේ ද කිහිප වරක් ඉල්ලා ඇතත්, ශ්‍රීලංකාවේ යුක්තිය ඉටුවීම ඉතාමත් දුර්ලභ බවත් එයට හේතුව දේශපාලන නායකයන් නීතියට ඇඟිලි ගැසීම බවත් කාදිනල්තුමෝ කීහ.
පොලීසියේ උසස් නිලධාරියෙක් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට සුදානම් ව සිටියදී බලගතු පුද්ගලයන් මරන්න කුමන්ත්‍රණය කළ බවට බොරු චෝදනා එල්ල කර එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රහාරකයන්ට ඉදිරියට යාමට නිදහස දුන් අය ද සහරාන් හෂීම් මෙන්ම මෙම ප්‍රහාරයට වගකිව යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අරගලයට නම් අපේ සහයෝගයක් නැහැ. හැබැයි ඔය අරගලයට අපිත් ඉන්නවා. එකම අර අරගලය වගේ ඕකත් අල කරගන්න එපා..
අරගලයට ජයවේවා.. රනිල් ගෝ හෝම්
අරගලය සාර්ථකයි. රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන් බෞද්ධ ඡන්දවලින් පත්කළ ජනාධිපතිතුමා පැන්නුවා
ඔය කුරිරු අපරාධය කරපු සහ සහයෝගය දුන්නු හෝ එමගින් වාසි ගන්න කටයුතු කරා නම් ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙයි.
ඔබවහන්සේගේ ක්‍රියා කලාපය අන් අයට ආදර්ශයක්.
ඒ මොකද? රාජපක්ෂල ආයෙත් එයි වගේද?
අලුත් ගිවිසුමද පරණ ගිවිසුමද පිළිගන්නේ. මට පේන්නේ පරණ ගිවිසුම පිළිගන්නවා වගේ.
එකක් මතක තියා ගන්න කාදිනල්තුමා අරන්තලාවේ භික්ෂු ඝාතනයවූදා හෝ ශ්‍රීමහා බෝධිය ළඟ, ඝාතන හමුවේ හෝ ශ්‍රී දළදා මාලිගාවේ බොම්බ සිද්ධියේදී ඔය හඬ කොටි හිතවාදී රායප්පු පාදිලි උන්නාසේට එරෙහිව අවදි උනාද? පාස්කු ප්‍රහාරය හමුවේ ලංකාවේ සියලුම බෞද්ධ ජනයා කතෝලික ජනතාව සමග සිටි හැටි ඔබ වහන්සේට මතකද? හාමුදුරුවරු පල්ලි ශුද්ධ පවවිත්‍ර කරපු හැටි අපට මතකය. තවද සාමකාමී අරගලකරුවන් නිසා ජාතියට අහිමිවු කෝටි ගණනක දේපොළ හානිය සහ නැතිවුණු ජීවිත ගැන ඔබ වහන්සේ මොනවද කිව්වේ?
ඇයි ඔබතුමා සර්වබලධාරී දෙවියන්ටත් මෙය හා සමාන පීඩනයක් එල්ල නොකරන්නේය. පල්ලි ඇතුලටම ඇවිල්ලා දෙවියෝ මත්තෙම නහින මෙය ජනතාව බෝම්බ වලට හසුවේ කුඩුවෙලා යනකම් දෙවියෝ නිවාඩු ගිහිල්ලද හිටියේ. දැන් කියයි මේකත් දෙවියන්ගේ කැමැත්ත කියලා. දෙවියන්ට පුදුම ආසාවල්නේ තියෙන්නේ.