කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා කඩිනමින් මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ ඇස් ආවරණ අවශ්‍යව ඇතැයි චීනය අද (3) ප්‍රකාශ කළේය.
බිලියන 1.4ක් ජීවත්වන චීනයේ සෑම පළාතකටම මේ වනවිට වයිරසය පැතිර ගොස් තිබේ. වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ වූහාන් නගරයේ මේ වනවිට මුඛ ආවරණවල දැඩි හිඟයක් පවතින බව නිලධාරිහු කියති.

එක්වරක් භාවිත කළ හැකි මුඛ ආවරණවල දැඩි හිඟයක් චීනය තුළ පවතින අතර ඔවුහු ඒවා රැස් කර තබාගැනීමට සූදානම් වෙති.
“අපිට ඉක්මනින් මුඛ ආවරණ අවශ්‍යයි. ඒ වගේම ආරක්ෂිත ඇඳුම් සහ ඇස් ආවරණ වුවමනා කඩිනමින් වුවමනා වී තිබෙනවා” යැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චන්යින්ග් කීවාය. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
සම්පූර්ණ ධාරිතාව යෙදවූවද චීනයේ කර්මාන්තශාලාවලට දිනකට නිෂ්පාදනය කළ හැක්කේ මුඛ ආවරණ 20ක් පමණක් යැයි චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
දකුණු කොරියාව, ජපානය, කසක්ස්තානය සහ හංගේරියාව යන රටවල් වෛද්‍ය සැපයුම් ප්‍රදානය කළ බව ද එම අමාත්‍යාංශය කීවේය.
යුරෝපයෙන්, ජපානයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මුඛ ආවරණ ගෙන්වීමට පියවර ගන්නා බව චීන කර්මාන්ත අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේය. චීනයේ නව අවුරුදු උදාවෙන් පසුව එරට කර්මාන්තශාලා නැවත වරක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි ද එම අමාත්‍යාංශය කීය.
චීන කර්මාන්තශාලා දැනට 60%ත් 70%ත් අතර ප්‍රතිශතයකින් ක්‍රියාත්මක වන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.
වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ හුබෙයි පළාතේ පමණක් මිලියන 50කට වැඩි පිරිසක් ජීවත් වෙති. චීනයේ ඇතැම් පළාත් සහ ප්‍රධාන පෙළේ නගර රැසක් මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇත.
(ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපට හොඳ ආදර්ශයක්. මෙවැනි තත්වයක් අපට වුණා නම් මේ වෙලාවේම, අපිට අත්වැසුම් මුඛ ආවරණ හොයාගන්නත් බැරිව යනවා. රටක ආරක්ෂාවට යුද්ධ හමුදාවක් ගුවන් හමුදාවක් විශාල වියදමක් දරා පවත්වාගෙන යනවා වගේ මෙවැනි අත්‍යාවශ්‍ය නිෂ්පාදන කර්මාන්තත් හඳුනාගෙන නිෂ්පාදන මිල වැඩි වුණත්, දේශීය කර්මාන්ත ලෙස පවත්වාගෙන යා යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදන රජයේ රෝහල් හෝ වෙනත් අවශ්‍ය ආයතන වලට කෝටා ක්‍රමයක් මත අනිවාර්යයෙන්ම මිලදීගෙන ඒ කර්මාන්ත දිගටම පවත්වාගෙන යාමට රුකුල් දිය යුතුයි. දේශීය නිපැයුම්කරුවාට යම් ප්‍රතිශතයක් දක්වා ඉහළ මිලක් ගෙව්වත් ඒ මුදල් රට තුළම ඉතිරිවන බව මතක තබා ගත යුතුයි. එමගින් දේශීය නිෂ්පාදකයා කෙරේ ඊර්ෂ්‍යාවෙන් හෝ වෛරයෙන් සැලකීම නොකළ යුතුයි. සෑම දෙයක්ම රජයෙන් කළ යුතුයි යන මතයද බැහැර කොට දේශීය නිෂ්පාදක, ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකිරීමට මෙය මහඟු පූර්වාදර්ශයක් බව සිතන්න.