
(තිලකරත්න දිසානායක)
දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව ගැවසෙන සියලු ස්ථානයන්හිදී මුඛ ආවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙසට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
මේ බව දැනුවත් කරමින් ,බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) බී.එන්.දම්මින්ද කුමාර මහතාගේ අත්සනින් යුතුව බස්නාහිර පළාත් ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ලොක්ඩවුන් කරලා, මේ "මිනිස් බෝම්බ" වලට මේ රටින් පිටවීමට අවසර නොදී, නිරෝධාන කඳවුරු ඇති කළා නම් නේද හොඳ..? ඒ වගේම අර පහුගිය කාලේ වගේ හමුදාවේ සහාය ඇතිව හෝටල් නිරෝධානයට යොදවලා පිටරටවලින් එන අයගේ පොකට් එකට තට්ටු කරන වැඩපිළිවෙලක් දැන්මම ක්‍රියාත්මක වී නැද්ද..? මෙරටට පැමිණෙන අනෙකුත් ගුවන් යානා නවත්වලා "සිරි ලන්කන් කාගෝ ගුවන් යානා" වල ලාංකික මගීන්ව අධික මිලකට මෙරටට ගෙන්වීමේ සැලැස්මක් තවම නැද්ද..? "ඇන්ටිජන් කට්ටල" ගෙන්වීමට නම් හපනෙක් අපේ රටේ ඉන්න නිසා අපි කාටවත් බය නැහැ.. අපෝ !! ඒ අතින් මේ ආණ්ඩුව අපේ "ලෝකල් පුටින්ගේ" අහලකින් වත් තියන්න බැහැ..