(තිලකරත්න දිසානායක)
නිට්ටඹුව ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහු සතු මුදල් කොල්ලකෑ බව කියන පුද්ගලයන් සිව් දෙනකු සහ කාන්තාවක් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
මෙම සැකකරුවන් අවුරුදු 18 , 28 සහ 29 වයස්වල පසුවන පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් සැකකාර කාන්තාව 35 හැවිරිදි දූනගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොල්ලකරුවන් පැමිණ ඇති වෑන්රථය සහ කුලී රථකරුගෙන් පැහැරගත් බැංකු කාඩ් පතෙන් ලබාගෙන තිබූ රුපියල් දෙලක්ෂ දොලොස් දහසක මුදල් සොයා ගැනීමට හැකි වූ බව පවසන පොලීසිය ,ඔවුන් සන්තකයෙහි තිබූ සෙල්ලම් පිස්තෝලයක්ද සොයාගත් බවත් කියයි.
කොල්ලකෑමට ලක්වූ පුද්ගලයා යක්කල නගරයේ කුලී රථ ව්‍යාපාරයක් පවත්වාගෙන වන අතර කාන්තාවක් විසින් පසුගිය 14 වෙනිදින රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් පසුදින උදෑසන මාලඹේ ප්‍රදේශයට යාම පිනිස නිට්ටඹුවට පැමිණෙන ලෙස දැනුම් දෙමින් අදාල ගමන් මාර්ගයද දුරකථනයට යොදා ඇත.
එම ගමන් මාර්ගය ඔස්සේ ඉකුත් 15 වෙනිදින නිට්ටඹුවට ගිය පසුව කොල්ලකරුවන් රථයට ගොඩවී මීවිටිගම්මන ප්‍රදේශයේ පාලු ස්ථානයකින් මුදල් පසුම්බියද ගෙන ඇද දමා ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් කොල්ලකෑමට ලක්වූ පුද්ගලයා නිට්ටඹුව පොලීසියට කළ පැමිණිල්ලට අදාලව විමර්ශන සිදු කරමින් සිටියදී කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූ බව එම කාර්යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මංකොල්ලයකට සම්බන්ධ කතක් ඇතුළු හතරක් මාට්ටු