IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’මැකෝ’’ගෙන් මුද්‍රණාලයට කෝටි 20 ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20 කට වැඩි මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් රජයේ මුද්‍රණාලයට මෙතෙක් නොලැබීම නිසා මුද්‍රණාලය දැඩි ආර්ථික ගැටලුවකට මුහුණදී සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවැසුවාය.

මේ තත්වය නිසා වර්ෂය පුරා සෙසු වැඩ කටයුතු සඳහා මුදල් සොයා ගැනීම බරපතළ ගැටලුවක් වන බවද ඇය සඳහන් කළාය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක රැසක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය දැනටමත් අවසන්වී එම පත්‍රිකා සියල්ල මුද්‍රණාලයේ ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර පවතී.යම් විදිහකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කෙරුණොත් එම ඡන්ද පත්‍රිකා සියල්ල විනාශ කිරීමට සිදුවනු ඇත.

 



අදහස් (0)

’’මැකෝ’’ගෙන් මුද්‍රණාලයට කෝටි 20 ක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site