(සුජිත් හේවාජුලිගේ)
තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා අැත.
මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු වහා කොමිෂන් සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගෙන ඒ අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඉදිරි මැතිවරණ රාජකාරී කටයුතුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිගත යුත්තේ කුමන පාර්ශ්වය දැයි ගැටලුවක් මතුවූ හෙයින් නීතිපතිවරයාගේ අදහස විමසීමට කොමිෂන් සභාව මෙසේ තීරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වශයෙන් කොටස් තුනකට මේ වනවිට බෙදී පවතී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කර සිටින අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය. මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂකයා හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝ හරි අත හොයයි