IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කාලය සීමාකරයි

(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තු‍ව පැවැත්වෙන මෙම සතියේ රැස්වීම් කාල සීමාව අඩුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව අද(23) පස්වරු 1.00ට හා හෙට(24) පෙරවරු 11.30ට පාර්ලිමේන්තු කටයුතු අවසන් කිරීමට නියමිතය.

අද පෙරවරු 10.00ට රැස්වී වාචික ප්‍රශ්න ඇසීමෙන් පසු පසුගිය පෙබරවාරි 10 වැනිදා විවාදයට ගෙන කල් තැබුණු මැණික් හා ස්වර්ණාභරණ පනතට අදාළ නියෝග පිළිබඳ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 1.00 දක්වා පැවත්වේ. හෙට පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව ඇරඹෙන අතර එතැන් සිට පෙරවරු 11.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.

මේ අතර පෙබරවාරි 25 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 18 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණ ගනු ලැබුයේ අද(230 දිවයිනට පැමිණීමට නියමිත පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ සංචාරය හා සම්බන්ධවීමට සඳහා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් රැසක් කාලය වෙන්කර ගෙන ඇති නිසාය.



අදහස් (4)

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කාලය සීමාකරයි

Bamunuarachchi Tuesday, 23 February 2021 07:06 AM

අනේ ඕක රැස් නොවුණානම් කොපමණ හොඳද? එක්සත් ජාතීන්ගේ කොමිසම විද්‍යුත් තාක්ෂණයෙන් රැස්වෙන්න පුලුවන් නම් මොකද? මේ හුණ්ඩුවක් රටේ මිනිසුන්ට විද්‍යුත් තාක්ෂණයෙන් රැස්වෙන්න බැරි එහෙම වුණානම් කොපමණ මුදලක් ජනතාවට ඉතිරි කරගන්න පුලුවන්ද?

:       0       0

fairoosTuesday, 23 February 2021 01:47 PM

කොරෝනා හැදිලා සුවවෙලා වගේනේ කතා කරන්නේ...

:       0       0

Raveendra Tuesday, 23 February 2021 01:24 PM

මි උණ හැදිලා කියලා ආරංචියක් තිබුණු මහා බ්‍රිතාන්‍යයේ අයට මෙහෙත් දියවන්නාව පට්ටියත් එහෙම්ම වෙන්න ඇති.. 225 කට බෙහෙත් කරන එකත් ලෙහෙසි නැහැ වෛද්‍යවරුන්ට... මොකද 225 න් වැඩිපුරම ඉන්නේ කුළුහරකුන්නේ.

:       1       1

Rata Perata Tuesday, 23 February 2021 05:24 PM

ඕක රැස්වෙලා කොහොමත් වැඩක් නැහැ. අපේ සල්ලි ටික නාස්ති වෙනවා විතරයි. 20 අත් උස්සලා සහයෝගය දීලා බලය එපා කිව්වනේ. ඉතින් දැන් රැස්වෙලා බම්බු ගහන්නද? කුණුහරප කිය කියා ඉන්න එක විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site