
(කේ. බුද්ධික කුමාරසිරි)
ඇහැලියගොඩ කරඳන ප්රදේශයේ කැලෑබද ප්රදේශයක සගවා තිබියදී හමු වූ චීන ජාතිකයාගේ මල සිරුර රැගෙන ආ බවට සැක කෙරෙන චීන ජාතිකයන් තිදෙනකු අතහැර දමා ගිය බව කියන සුඛෝපභෝගී නවීන ප්රාඩෝ වර්ගයේ රථයක් පාදුක්ක පහල බෝපේ මංසන්ධියේ තිබී හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි.
එම රථය අදාල ස්ථානයේ නවත්වා චීන ජාතිකයන් තිදෙනකු එම ස්ථානයේ නවතා තිබූ ත්රී රෝද රථයක නැගී කොල්ලුපිටිය දෙසට ගොස් ඇති අතර එලෙස එම චීන ජාතිකයන් ප්රවාහනය කළ ත්රී රෝද රථ රියදුරු කොල්ලුපිටිය පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.
එම ස්ථානයට පැමිණි පොලිස් ඇගිලි සටහන් නිළධාරීන් සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සිදු කළ අතර එහිදී අදාල රථය තුල ලේ පැල්ලම් විශාල ප්රමාණයක් දක්නට ලැබෙන බවද පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd