
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටට මේ ශාපය උදාවුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසා යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.
අද ජනතාව බෙහෙත් නැතිව මැරෙන තත්වයක් උදාවී ඇති බව පැවසූ අමරවීර මහතා මේ මොන ශාපයක් දැයි විමසුවේය.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් අද මෙරටට ඩොලර් එවන්නේ නැති බවත් එවන ඩොලර්වලිනුත් සොරකම් කරාවි යන විශ්වාසය නිසා ඔවුන් එසේ කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
මිනිස්සුන්ට ඉන්ධන ගේන්න තියන මුදල්වලින් පාරවල් කාපට් කළ බවත් මේ සියලු ප්‍රශ්නවලට මෙතන සියලු දෙනා වගකිවයුතු බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපතිවරයා පැමිණෙන විට තාප්ප වල චිත්‍ර ඇඳපු තරුණ තරුණියන් අද සිටින්නේ පාරවල්වල යැයි පැවසූ අමරවීර මහතා වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය වසර 50කින්වත් වෙනස් කළ හැකි වේ යැයි සිතිය නොහැකි බවත් සඳහන් කළේය.
රටේ මවුවරුන්ට අද පෝෂණය අහිමි වී ඇති බවත් මන්ද පෝෂණය වැඩි වී ඇති බවත් හෙතෙම කීවේය.
දරුවන්ට කන්න බොන්න නැති කිරිපිටි නැති තත්වයක් උදාවී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය මේ අවස්ථාවේදී කිසිවකුත් බොර දියේ මාළු බෑමට කටයුතු නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කියව කියවා නොසිට (අපි ඊයේ කළ දේ දැක්කා) එක්කො අයින්වෙලා යන්නකෝ.. බැරි නම් දැනට ඉදිරිපත් කරලා තියෙන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවලා ජනාධිපති අයින් කරන්නකෝ... එහෙම කරලා තවත් අවුරුදු ගණනක් දුරට යාමට තියෙන අර්බුදය කෙටි කිරීමට සූදානම් වෙන්නකෝ...!
මේ අය තමයි GSMB එකට ලියුම් එව්වේ. ලයිසන් දෙන්න කියලා හෙංචයියලාට...
ඔය කියන්නේ බොර දියේ මාලු අල්ලන එක හොඳයි... නොඅල්ලන එකට වැඩිය..
ඒවට ඔහෙත් 100%ක් වගකියන්න ඕනෑ. මොකද 20ට අත් ඉස්සුවේ අපි නෙවෙයි. සියඹලාපිටියට ඡන්දෙ දුන්නෙත් අපි නෙවෙයි. ඒ නිසා ඔහෙත් ඒ පව් කරගහන කෙනෙක් තමයි.
ගොවීන්ගේ ශාපය පමණක් නොවේ. බලය ගන්න සහ තමන්ගේ දුෂණ, වංචා, හොරකම වහන්න වෛද්‍ය ශාෆි සිංහල මව්වරුන්ව වඳ කළා කියලත්, වඳ කොත්තු, වඳ බෙහෙත්,... ඕවා කියලා ජාතීන් අතර බේදය ඇතිකළා. තමන්ට ඡන්දෙ දීපු 69 ලක්ෂය සතුටු කරන්න කිසිම පදනමක් නැතිව මුස්ලිම් කෝවිඩ් මළසිරුරු පිච්චුවා. දැන් වෙලා තියන්නේ සාමාන්‍ය මළ සිරුරු පුච්චන්නවත් ගෑස් නැති තත්වයක් උදා වෙලා. මම කිසිසේත්ම ජාතිවාදියක් නොවේ. දැන්වත් ජනතාව අවදිවිය යුතුයි.
ඔන්න කටුස්සා පාට මාරු කෙරුවා...