
(නිමල කොඩිතුවක්කු)
සංචාරකයින් 966, 604ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජුනි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 69825 ක් පැමිණ ඇතැයිද එම අධිකාරිය පවසයි.
ජනවාරි මාසයේදී සංචාරකයින් 208253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148867ක්, මැයි මාසයේදි සංචාරකයින් 112128 ක් ලෙස මෙරටට පැමිණ තිබේ.
රුසියාව, ඉන්දියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයිෙ
2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ අසූහත්දහස් තුන්සිය තුනකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ එකතුවෙලා කොමිස් ගහලා වීස එක ඩොලර් 100 කරලා, බලාගෙන ඉන්න ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා? වීසා ගාස්තු සහ වීසා ලබාදෙන පිළිවෙල කලාපේ අනෙක් රටවල් වන මාලදිවයින, තායිලන්තේ, බංගලාදේශේ, වියට්නාමේ, ඉන්දුනීසියාවේ මට්ටමට ගෙනාවේ නැතිනම් අපට වෙන්නේ අකුලාගෙන යන්න. ලබන ටුවරිස්ට් සීසන් එක බේරාගන්න නම් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මිනිස්සු දැන්මම ක්‍රියාත්මක වෙන්න ඕනේ.. ගිය වසරේ අගෝස්තු මාසේ ජෙර්මනියේ ඉඳන් ලංකාවට එන්න ගුවන්ටිකට් පත 1400-1500€ මේ වසරේ ඉල්ලුම අඩුනිසා 1000-1200€ ගන්න පුළුවන්... මෙහෙම ගියොත් ඉදිරියට ගුවන් සමාගම් ලංකාවට එවන ගුවන් යානා ප්‍රමාණය අඩු කරනවා, එතකොට අපට හුලන්... බලන්න උපරිම අපට සංචාරකයෝ ලක්ෂ 13ක් ඒවි... මේ වසරේ...
තමන් හැර අනෙක් ඕනෑම දේශපාලන පක්ෂයක් යටතේ රටට සල්ලි එන්න එපා යයි උදේ දිවා රැයේ අදහන ජවිපෙ බැතිමතුන්ගේ බලවත් උදහසට හේතු වන පුවතකි. නමුත් දේශපාලන භේදයකින් තොරව රටේ අභිවුර්ධිය පතන, සිතන අයට නම් සතුට දනවන පුවතකි.
ඔච්චර පම්පෝරි ගැහුවාට මාලදිවයිනට වඩා අඩුයි ඔය ගාන. එන අයගෙන් බහුතරය ඉන්දියාවේ අය.. වියදම ඉතාම අඩුයි. සංචාරක කර්මාන්ත ගැන මීට වඩා හිතන්න ඕනේ. කඩෝලාන, කොරල්පර තව ටිකක් තිබ්බා නම් මාලදිවයින කැලේ. 1940 දශකයට පෙර තිබ්බා වගේ වුණා නම්...
රුවන් මහතාගේ අදහස මමත් අනුමත කරනවා මාලදිවයිනට අවම වශයෙන් සංචාරකයෝ මිලියන 2,5 වත් එනවා. මාලදිවයින ප්‍රමෝට් කරන්නේ බටහිර යුරෝපේ, ඇමරිකාව, ජපානේ වැනි, ත්‍රස්තවාදය සහ ජාවාරම්කාරයෝ අඩු සල්ලි තිබෙන සංචාරකයෝ එන රටවල්... අපේ මෝඩ දේශපාලුවන් ප්‍රමෝට් කරන්නේ ඉන්දියාව, නැගෙනහිර යුරෝපේ, චිනේ, අප්‍රිකාව වගේ සල්ලි නැති, කුඩු, ණයවර කාර්ඩ් හොරු සපිරි රටවල සංචාරකයෝ ගෙන්වාගන්න... සංචාරක ව්‍යාපාරය සමග භූදේශපාලනය පටලවාගෙන අපි අමාරුවේ වැටිලා...
මැක්ස් ඩොලර් 50 ට තිබුණු වීසා එක 100 කරලා ඒකෙනුත් පුද්ගලික සමාගමක් හරහා ඩොලර් 25 කොමිස් එකක් ගහලා සංචාරක ව්‍යාපාරේ විනාශ කරන්නේ ආණ්ඩු පක්ෂේ දේශපාලකයෝ මිසක් විපක්ෂේ නොවන බව කරුණාවෙන් සලකන්න..
කළයේ ඉන්න කිඹුල්ලු වගේ...
එන අයෙක් දෙවන වතාවට ගෙන්වන හෝ ඔවුන් මාර්ගයෙන් තව අයෙක් ගෙන්වන තත්ත්වය නෑ. මම අද උදේ මාතර මඩිහේ පොල්හේන ප්‍රදේශයේ ඉඳල ආව. හෝටල් කාමර ප්‍රදේශවල.මිල සාපේක්ෂව වැඩි. උදේට ආහාර සහ වෙන පහසුකම් නෑ. රෑට පමණයි සියලු දේ.අනික ප්‍රදේශයේ වෙරලාසන්නයේ සුසාන භූමිය ලෙස භාවිතය නවත්තන්න ඕන. වෙරලේ කොන්ක්‍රිට් දැමූ කොටස් වෙන්කරගෙන. මේක ජාතික අපරාධ තත්ත්වයක් සහ මලගිය අයට නිගරුවල්. පලාත් පාලන ආයතන සුසාන භූමියට යහපත් ස්ථාන වෙන්කර සිහිවටන ඉදිකිරීම පාලනය කල යුතුයි.
මැක්ස්ට ජ.වි.පෙ එකත් එක්ක කෝන්තරයක් ඇති. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත දේශපාලුවන් ගැන නම් අවුලක් නැති හැටි...