(අංජුල මහික වීරරත්න)
මෙම වර්ෂයේ ඉදිරි කාලයේ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මෙම වසරේ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස වෘත්තිය සමිති නියෝජිතයින් මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළ අතර ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා මෙම වසර තුළ නැවතත් කිසිදු අයුරකින් රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකි බව දැනුම් දුන්නේය.
නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත් මෙම වසරේ නැවත වැටුප් වැඩිවීමක් කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි වැඩි නොකරට කමක් නැහැ . බාර් ලයිසන් දුන්නා ... වාහන පර්මිට් ටික දුන්නා ... ඒ මදැයි ... ආ.... ඡන්දෙත් එනවා නේ.. කමක් නැහැ .. හාල් බෙදුවා නේ.
මේ වසර අවසානය වන තෙක් ඔයාලා ඉන්නෙත් නෑ .
වැඩි කරන්නේ කොහොමද? ඔන්න තවත් මුද්‍රිතමාධ්‍යයකින් දැක්කා 225 රක්ෂණ ගාස්තු වැඩිකරලා එක පවුලේ උදවියත් ලබා දෙන්න කියලා ඉල්ලනවා කියලා.. පොදුජනයාට 225 නඩත්තු කරනවා හැරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ
ඇයි එතකම් ඉන්නද කල්පනාව
අමරවීරත් මේ අවුරුද්දේ ඔක්තෝබර් ඉදන්, පඩි නෑ, වැඩත් නෑ, හොරා කාපු සල්ලි වලින් තමයි ෂේප් වෙන්ඩ වෙන්නේ.. යන්තම් හිරේ යන්නේ නැතිව