
(අංජුල මහික වීරරත්න)
මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගියේ නැතැයි කී මහින්ද රාජපක්ෂ මහතා මේ තාවකාලික සමු ගැනීමක් පමණක් බවද සඳහන් කළේය.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
ප්‍රශ්නය:- මැතිවරණ සූදානම කොහොමද?
පිළිතුර:- සූදානම්
ප්‍රශ්නය:- පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය ගැන කිව හැක්කේ කුමක්ද?
පිළිතුර:- ඉතා පහසුවෙන් වැඩි ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරනවා.
ප්‍රශ්නය:- ඔබ මැතිවරණයට ඉදිරිපත් නොවීම දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමක්ද?තාවකාලික සමු ගැනීමක්ද?
පිළිතුර:- තාවකාලික සමුගැනීමක් පමණයි.දේශපාලකයෙක් කවදාවත් විශ්‍රාම යන්නේ නැහැ.
ප්‍රශ්නය:- කට්ටිය මෙලෙස විශ්‍රාම යාමට පටන් ගෙන තිබෙන්නේ ප්‍රථම වතාවට බව ජනපති ප්‍රකාශ කර තිබුණා.
පිළිතුර:- මා ඒ කතාව පිළිගන්නේ නැහැ.ඡන්දෙ ඉල්ලපු නැති කීදෙනෙක් ඉන්නවද?
ප්‍රශ්නය:- රාජපක්ෂවරු මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීම ගැනත් සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා.
පිළිතුර:- රාපක්ෂවරු ඔය ඉන්නේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ මොණරාගලින් ඉල්ලන්නේ.
ප්‍රශ්නය:- පොහොට්ටුවට 113 ගන්න පුළුවන් වේවිද?
පිළිතුර:- අපෝ අපි ලේසියෙන් ඒක ගන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හායි.
උත්සාහය අතහරින්න එපා , කැළණි ගඟේ ගැරඩියෙක් හරි බිල්ලෙක් හරි පෙන්වල හැරමිටි ගගහ පස්ස දොරෙන් හරි පාර්ලිමේන්තු ඇවිත් අපිව තව ටිකක් කන්න , අඩු පාඩුවට රනිලුත් අරන් එන්න , මැරුණත් භූතයෙක් වෙලා හරි පාර්ලිමේන්තුවේ ඉන්න.
දැන් සිහි විකාර වෙලා වගේ.
තමන්ගේ ආසනේම ඇපත් නැහැ. පුතණ්ඩියත් ජාතික ලැයිස්තුවෙන්ද? දන්නවා තරඟ කලොත් ඇපත් නැහැ කියලා.
113 අරන් මොකද කරන්නේ? හොරකම්ද? හිනා යන්නේ පස්ස පැත්තෙන්... !
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝබීයා. බල තණ්හාවට වැඩිය දෙයක් නැතුවා. ආසියාවේ ආශ්චර්යය පෙන්නුවා මදි වෙලාද?
113 ගන්න නිසා තමයි පුතාවත් ලිස්ට් එකට දාගත්තේ... කොහෙන් හිනා වෙන්නද?
මෙතුමා නියෝජනය කරන්නේ අපේ රටේ එක යුගයක්. අදට සාපේක්ෂව ඒ යුගය විවේචනයට ලක් වූවත් ඒ කාල වකවානුවට අනුව ඒවා සාමාන්‍යයි. අද මෙතුමන්ලා නිර්දය ලෙස විවේචනය කරන අය තමන්ගේ තාත්තලා, සීයලා ජීවත් වුණු විදිය, ආකල්ප ගැන සැලකිල්ලෙන් බැලුවොත් තේරුම් ගනීවි ඔවුනුත් විවේචනයට බඳුන් විය යුතු බව..
මෙයාගේ මොලේත් දැන් විකාර වෙලා... අපායේ දොර පෙනි පෙනී ඉන්නේ...!
දැන් නම් හොඳටම මඥඥං වගේ.
දැන් ඩිමෙන්ශීය තත්වය සැහෙන්න උග්‍රවෙලා වගේ..!
සුද්ධෝදන යලි උපදියි...
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මහින්ද ලැබෙයිද මින් සැනසීමක්...
ඹයාගේ ඉනේ ප්‍රමාණය මැනලා දැන්ම ප්‍රසිද්ධ කරලා තියන්ට... නැත්නම් වෙන්නේ තව කවුරු හරි ඇඳලා හෝදපු ජම්පරයක් අඳින්ට. කරපු යම් සේවයක් ඇති නිසා අළුත් ජම්පරයක් ලබා දේවී...
අඩුගානේ 3 වත් බේරගන්න උත්සාහ කරන්න. 113 කෙසේවෙතත්, තාම නරිවාදම අඩුවෙලා නෑ.
අපි කියන්නේ කවුද? ජොනීලා, රත්තරන්ලා, කෙහෙලියලා, ප්‍රසන්නලා, සෙට් එකද?
මුළු රටේම ඡන්ද 113 වැඩියෙන් තියෙයි. මෙයා හරි.
හිරිකිතයි.
මරු කියවනවා... තාම තණ්හාවේ ඉවරයක් නෑ...
ඊළග ආත්මයේ තමයි එකසිය දහතුන ගන්න වෙන්නේ, ඒත් ඉතිං මනුස්සයෙක් වෙලා ඉපදුනොත් තමයි...
113 ත් අරගෙනවලට තමයි යන්න වෙන්නේ....!
මොකක් හරි ගේමක් ගහලා, එහෙම නැත්නම් පවුල් පාලනේ අය ඔක්කෝම කිට්ටු කරගෙන පාස්කු ප්‍රහාරය වගේ දෙයක් එල්ලවෙන විදියට යටිකූට්ටු වැඩක් කරලා සදහටම බලයේ ඉන්ඩ ප්ලෑන් කරනවා ද කියන්න බැහැ. බල තණ්හාවෙන් පිස්සු වැටිච්චි එකෙක්නේ? අතීතයේ කියපු කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
මම බැලුවා කවුද මේ ගොර ගොර ගාන්නේ කියලා. මේ සුනාමිනේ. ඔය තාවකාලික සමු අරගත්තු කතාවලින් අපිට වැඩක් නැහැ. දැන් ඉතින් තමුන් කරපු හොරකම්, මැරකම්, තක්කඩිකම්, වල්කම් .. වලට නීතිය ඉස්සරහට යන්න කාලය ඇවිල්ලා. හැබැයි හිරේ ගියාම තමුන්ව අල්ලාගෙන යන්න කවුරුත් නැහැ. ජම්පර් එක ඇඳගෙන හිරගෙදර වැසිකිලි පාටියේ වැඩකරන සුනාමි හොරාගේ ෆොටෝ එකක් සමහරවිට පත්තරේ ළඟදීම පලවේවි...
දැන් සැපද?
කිසිම පුර වැසියෙක් කිසිඳු දේශපාලන පක්ෂයකින් නිර්වින්ඳනය නොව්ය යුතුයි .එසේ වූ කල අනුනගේ අදහස් වලට ගරු නොකරයි. තමා වැළඳගෙන සිටින පක්ෂය කියන කරන සියල්ල නිවැරදි යැයි සිතෙයි. අනුන්ව නිර්දය ලෙස විවේචනය කරයි. මහින්ද රාජපක්ෂ කියන්නේ තිස්වසරක යුද්ධය සැබෑවටම නිමා කළ වටිනා චරිතයක්. ඒ ගෞරවය ඔහුට සදා හිමිවිය යුතුයි . ඇටෙන් පොත්තෙන් එළියට ආ පමණින් , කට හැකරකම හෝ අසංවරකම තිබූ පමණින් අනුනට ගැරහීම නොකළ යුතුයි .
බයියෝ දැන් ඉවරයි.
මූට අමු කැවිලා.
බල ලෝබි මහල්ලා. තවමත් අත්හරින්න ආසාවක් නෑ.
කාට කියන්නද මේවා...? බෙලිඅත්ත තන්ගල්ල ඇපත් නැතිව පරාදයි. අලුතෙන් විශ්‍රාම ගන්න දෙයක් නෑ. මෙයාගේ පරපුරම ජනතා කැමැත්තෙන් විශ්‍රාම යැව්වා. ඇවිදගන්න බෑ හරියකට. හිටගෙන ඉන්න බෑ. ඉඳගෙන නැගිටින්නේ කාගේ හරි වාරුවෙන්... කතාකරද්දි වචන වෙව්ලනවා. තවත් බල තණ්හාව. මෙයාලගේ යුගය අවසන්. මෙතෙක් ඉක්මනින් එය අවසන් වුනේ මේ රටට මේ පරපුරේ හැත්ත බුරුත්තම එකතුවෙලා කරපු දේවල් ටික නිසයි. මේවා දිට්ටධම්මවේදනීය කර්මය. අද ඒක රාජපක්ෂ පරපුරටම පටිසන් දීලා. ප්‍රකෝටි ගණන් රටේ සල්ලි හොරාකාලා අද කතාව නැවතත් බලේට එන්න. උණුවතුර ටිකක් නාලා පත්තියන් කෑම ටිකක් කාල පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතිව ට්‍රයි කරන්නේ බලේ ගන්න. ඒවා හීන විතරයි.
මයිනා හීනෙන් දොඩවනවා..!
දේශපාලනයෙන් සමුගන්නේ කොහොමද? දැන් හොර පෙරකදෝරුවත් ජාතික ලැයිස්තුවෙන් එන්නනේ හදන්නේ...
පුලුවන් අනිවාර්යයෙන්ම පුලුවන් ඔබලට ගන්න 113 දැන් තවත් හොරකම් කරන්න පුලුවන් ද, ඇවිද ගන්නත් බැහැ නේද, මදිද හොරා කෑව අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි. තවත් ඕනද මදිද ඉතින් පුතාලගේ ගෑනිගේ ගිණුම්වල කෝටි ගණන් සල්ලි කොහෙන්ද හෙව්වේ පටිට විදියට දුක් විදලද හම්බ කරේ. පව් ඉතින් මෙදා සැරේ ඔබලට ඇපත් නැහැ. මිනිස්සු හිනා වෙනවා ඔබලට ලැජ්ජාවක් තියෙනො නමි රෙදි ඇදගෙනද එන්නේ. ඔබලට හෙනම ගහලා යන්න ඕනේ.
ඔය කියන 113ම, මහින්ද මහත්තයත් එක්ක එන්න, මගෙන් බත් කටක් කාල යන්න.
ලොරි ටෝක් දෙන්න එපා.
සියලුම ඡන්ද දායකයින් වෙතයි. පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් වත් කිසිඳු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමටත් අවස්ථාවක් නොදීමට වඟ බලා ගන්න.
මොනවා කියන්නද ඉතිං විලිලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැනේ. මරු පෙනි පෙනීත් බලයේ ඉඳගෙනම අවසන් හුස්ම හෙලන්නයි කල්පනාව. නමුත් බුද්ධ ධර්මයේ සත්‍යතාවයයි මේ පෙන්නුම් කරන්නේ. ශ්‍රී ලංකාව නම් පින්බර රටේ රාජ්‍ය නායකයා වෙන්න තරම් පෙර කරපු මහා පින් බලයක් තිබිලත් ඒ වටිනාකම තේරුම් ගෙන රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න අවශ්‍ය සේවය හරියට කළේ නැහැ. මේ මහා බෞද්ධ රටේ බලවත් රාජ්‍ය නායකයා තමන්බව හරිහැටි නොතේරුම් ගෙන ඉන්දියාවේ මිත්‍යාදෘෂ්ඨික දේවාලවල ගොස් වැඳවැටුනා, බෞද්ධ කම කියන්නේ කුමක්ද කියා තේරුම් ගත්තේ නැහැ. දැන් හෙට අනිද්දාට යන්න වෙන්නේ කොහේටද..? රාජ්‍ය බලය අල්ලන එන කෙසේ වෙතත් දැන්වත් යන තැනට මොනවා හරි කුසල් ටිකක් රැස්කරගන්න නිරන්තර වෙහෙසෙන්න. මේ කරුණ බොහෝම කරුණාවෙන් මතක් කරන්නේ මේ රටේ පැවැති තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකයා ලෙස කෘතගුණ සැලකීමක් වශයෙනි.
නාකි මයිනා තනිකර මොංගල් වෙලා නේද ???? මයිනා ඉන්නේ ඩිමේන්ෂියා තත්ත්වේ... දරුවෝ මුගෙන් තාමත් වැඩ ගන්නවා...පිස්සා වගේ ඉතින් කියව කියව යනවා. ලැජ්ජයි.....අනේ මෙහෙම තණ්හාව.....මුළු ජීවිතේම මහජන මුදල් වලින් නිකං පිනට කාලා මැරෙන්න බලන එවුන්ට වෙන දේ......නොදකින් විතරක්...කොච්චර හොරා කෑවත් මුන්ට මදි....
ආර්ථික ඝාතකයෙක්, සුනාමියෙන් ගසා කෑවා. විශ්‍රාම යන්ඩ නෙවෙයි හිරේ යන්ඩ ලෑස්ති වෙලා ඉන්ඩ.
වීරයෙක් වගේ මැරෙන්න හිටපු කෙනා දැන් බලු වෙලා. කරපු වැඩවලට මෙහෙදීම ගෙවලා යනවා දකින්න අපි ආසයි.
කරපු අපරාධ වලට, මිනීමැරුම් වලට හොරකම් වලට හිරේ යන්නේ නැතිව ඉන්න නම් දේශපාලනයට එන්න වෙනවා
දවසේ සිහිනය...!
පිස්සු කතා කරනවා විශ්‍රාම යන්න එපා. ඡන්ද 113 අරන් මොන මගුලක් කරන්නද ? මුළු දිස්ත්‍රික්කයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්ද 1300 විතර ගන්න පුළුවන් ඔබට.
රට බේරපු නායකයා ආගමික අන්තවාදීන්ට පේන්න බෑ.. අපේ අයව Born Again කන්වර්ට් කරලා...