
(සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව ඇමතිය හැකි නායකයන් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .
එවැනි නායකයන් දැනට සිටින්නේ විපක්ෂයේ බවද ඔහු සඳහන් කළේය. කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද (9) පැවති මාධ්‍ය හමුවකදීය.
විපක්ෂයේ නායකයන් බොහෝ පිරිසකට එවැනි පරණ මිත්‍රකම් යාළුකම් තිබෙන බව පැවසූ කිරිඇල්ල මහතා එවැනි මිත්‍රකම් යාළුකම් පාවිච්චි කර පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බවද සඳහන් කළේය
මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී ලෝකයේ සමහර නායකයන් දුරකතනයෙන් අදාළ නායකයන් අමතා ගැටලු විසඳා ගත් බවද ඔහු සිහිපත් කළේය.
ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ධ පැනවීමෙන් ඇතිවූ ගැටලුව විසඳා ගැනීමට එරටේ නායකයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට පරිණත භාවය හෝ කෘතහස්තභාවය ඇති කණ්ඩායමක් පත් කරන්නැයි තමා රජයට යෝජනා කරන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
COMMENTS
අනේ නිකන් පලයන් යකෝ, උබලාගේ කෝල් වලින් කරපු හැරිය රටම දන්නව... තවත් එනවා නාකිය හැදන්න මෙතැන...
ඔබගේ පක්ෂ නායකයා කතාකෙරුවොත් මොනවාද කිව්වේ කියලා තේරුම්ගන්න බැරුව ට්‍රම්ප් බයවෙලා දාඩිය දාලා කියන ඔක්කෝම කරලා දෙයි..!
එවැනි නායකයින් අපට එක්කෙනයි. නමුත් ඔහුව පන්නන්න ඔහෙත් හවුල් වුණානේ. කෙලෙහිගුණ නොදන්නා ජාතියක් බොරු බේගල් වලට රැවටිලා ඒ මනුස්සයාව පැන්නුවානේ... දැන් ඉතින් කට්ටිය එක්කම එකේ ප්‍රතිඵල විඳිමු...!
ඉංග්‍රීසි බෑලුද?
එවැනි යාලුකම් භාවිතා කරලා රටට කරපු එක දෙයක් කියන්න බලන්න. (පුද්ගලික දේවල් නම් ඇති ඕනෑ තරමට...)
ට්‍රම්ප් වුණත් කථා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා. සජිත් මගේ ජීවිතේ.
එහෙම කතාකරන්න පුළුවන් නායකයෝ ලෝක හොරු නිසා ජනතාව ඒ ගොල්ලෝ බලයට එනවාට කැමැති නැහැ. ඒක නිසා කිරි ඉල්ලේ සියා ට්‍රම්ප් ගේ පිහිටෙන් ගොඩයන්න දඟලන්නේ නැතිව ගිහින් වැඩක් බලාගන්න...
පිස්සුනේ ඕයි
එතකොට චීන, කොරියන්, රුසියානු, තායිවාන නායකයින් කතා කරන්නේ අධෝ මුඛයෙන්ද….? හොරුත් එක්ක ට්‍රම්ප් කොහොමත් කතා නෑ. ඒ නිසා ඔයා ඉස්සරහට එන්න තියෙන නඩුවලට ලෑස්ති වෙන්න ඔය වටිනා කාලය යොදවන්න….
ඇමරිකාවේ ඉන්න බැසිල් ගැනද කියන්නේ…? ඔව් ඔව්… “ඉම්පෝර්ට් ඩියුටි වයි ගෝ අප් ලයික් කපුටාස් “ කියලා කෙලින්ම අහයි… ට්‍රම්ප් එතකොට සිංහලෙන්ම බැනලා ලංකාවටම එලවයි. මෙච්චර කල් ඇමරිකාවේ ඉඳලාත් මළපොතේ අකුරක් දන්නේ නැති එකට…
දුරකථනයකින්, මම ඔබ අමතමී, හමුවීය නොහෑකි නිසා...මගේ හිත හදුනන, ඔබ පිලිගත්තද, ඈතමුන් කියන මුසා...
කිරිඇල්ල මහතා එවැනි මිත්‍රකම්, යාළුකම් පාවිච්චි කර පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බවද සඳහන් කළේය. ඒක ඇත්ත... ඒකනේ මේ රටට මෙහෙම වුනේ...
අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකථනයෙන් සෘජුව ඇමතිය හැකි නායකයින් බව.. ඇයි අනුරගේ ටෙලිෆෝන් එකෙන් ඇමෙරිකවට කතා කරන්න බැරිද? අනේ යන්න සීයේ...
දැන්වත් පන්සල පැත්තේ ගියොත් නරකද?
මේ යකා මොනවද මේ කියවන්නෙ, මේ කියන්නෙ ව්‍යාගයෙන් අපි හිටියා නම් කතා කරනවා කියල නේ , රුසියාවේ පුටින්ට වත් ට්‍රම්ප්ට කතා කරන්න බෑ තමන්ට ඕන වෙලාවක. මේ වගේ එවුන් නැතිවුන එක රටට වාසියක්. අද නුවර පාරවල් හැදෙනවා ලස්සනට අවුරුදු ගණනකට පස්සේ. මුන් හිටියා නම් දිගට හරහට කොමිස් ගහනවා , අප්පලා දුවලා
ගොන් කතා නොකිය ඉන්නවද ?
ආ ටෙලිෆෝන් එකන් කතා කරන්න පුලුවන් නායකයෝ තමයි හොරා කාලා රට ඩොලර් බිලියන 40 ක් ණය කරලා නිල වශයෙන්ම බංකොලොත් කලේ. තව ලැජ්ජා නැතුව රෙද්දක් ඇඳන් කතා කරනවත් එක්ක.
අපි අවුරුදු 32 ක් මේ රටේ දුක් විඳින්නේ මේ වගේ අය නිසා
මෙයා ට්‍රම්ප් ගැන හිතාගෙන ඉන්නේ වත්තේ පොල් කඩන්න එන සිරිපාල අයියා වගෙයි කියලා වෙන්න ඇති. මෙහෙම අය කරපු රටක නේද අපි ජීවත් උනේ කියලා හිතන විට පුදුම හිතෙනවා...
පවු අප්පා. වැටිච්චි තැනක්.
තමුන්ගේ නායකයාට නම්, ජපන් භාෂාවෙන් හරි කතාකරලා, වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා හිතාගෙන ඇති. ඡන්ද ලකුණත් දුරකථනය හින්දා...?
පුළුවනිනම් එවැනි එකම එක කෝල් එකක් ගත්ත ට්‍රම්ප්ගෙ නොම්මරෙයි, අපේ ගොයියගෙ නොම්මරෙයි, දිනයයි, වෙලාවයි කියන්නකෝ බලන්න!
ඉතිං උංදැට දැං සාමාන්‍ය පුරවැසියෙක් විදියට කෝල් එකක් දෙන්න කියන්නකෝ...!
නාකියා හිතන් ඉන්න තරම. ට්‍රම්ප්ට කෝල් එකක් දෙන්න ඉන්නේ විපක්ෂයේ කෙනෙක්. ඔය කියන. කෙනා පේරාපු රත්තරන්ද? චීනා ඇර අනිත් දුප්පත් රටවල නායකයින්... දුප්පත් මිනිස්සු පෙන්වමින් අවුරුදු ගාණක් මිලියන ගණන් හොරා කෑවා. රට දුප්පත්. ඔබලා පොහොසත්. ට්‍රම්ප් මේ ආධාර නතර කරලා ටැක්ස් වැඩිකෙරුවේ ඔබලා වගේ උන්හින්දා. ඒකෙන් අපා දුක් විඳින්නේ. අසරණ පොඩි අය දුප්පත් රටවල. ට්‍රම්ප් කරපු දේ හරි. ඔබලාගේ බොක්ක වෙලෙනකිට. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. අනුර කුමාර ඇර වෙන කිසි කෙනෙක් නැහැ. ට්‍රම්ප් ළඟට යන්න. වෙස් මුහුණක් දාගන යන්න ඔබලාගේ හොරාකාපු ලිස්ට් එක නමත් සමග දීලා තියෙන්නේ මම ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට... ජනාධිපතිවරණයට. උදව් කෙරුවා. රනිල්, මහින්ද, අනුර කියන තුන්දෙනාගේ අසමානකම් ලස්සනට පෙන්නලා දෙයි. ඔබලා මනුස්ස වෙසින් ආපු හිඟන නරුමයින්...
කිරි ඇල්ල කිව්වාට ඉතින් කිරි තියෙන්න විදියක් නෑනේ...
මෙයාට ඒ කාලේ හොර ගෑණු කේස් එකක් තිබුණා. එයාගේ ගෑණිත් ටිකක් දන්නවා අවශ්‍ය නම් විස්තර දෙන්න පුළුවන්...
ලක්ෂ්මන් ලැජ්ජ නැද්ද බන්?
ඒ සංවාදය, (පරිවර්තනය) ජනාධිපත් සජිත්: හෙලෝ ට්‍රම්ප් ට්‍රම්ප්: කියන්න සර්, ජනාධිපත් සජිත්: වහාම බදු අඩු කරනු... ට්‍රම්ප්: හොඳමයි සර්...
ඔව්, ඔව්, ශ්‍රී ලංකාවෙන් පුළුවන්. එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව දුරකථන ඇමතුම් දුන්නා, ඔවුන් අසමත් වුණා. ඔවුන් කතා කළේ කැඩුණු ඉංග්‍රීසියෙන් වෙන්න ඇති.
ඉතින් අනේ ඔයාගේ නායකයාගේ පක්ෂ ලාංජනයම කතා කරන්නකෝ... මොකටද අනුන්ගේ ටෙලිෆෝන්
අනේ අපේ දේශපාලනය වැටිචිච අගාධයක මහත…! අපි කවදා ගටාඩ එමුද?
කිරි ඇල්ල මහත්තයා හිතන් ඉන්නේ ඉංග්‍රීසියෙන් කතා කළහම ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මේක භාෂාව ගැන ප්‍රශ්නයක් නෙමෙයි, බදු ප්‍රශ්නයක්