( කේ බුද්ධික කුමාරසිරි)
පවතින වියලි කාලගුණයත් සමග සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසාවෙන් එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පසු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි.
එසේම කෘෂිකාර්මික සත්ව පාලනයේ නිරත ගොවි ජනතාව ද තම සත්වයන්ට ඇතිවන සංකූලතා පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු බවද ඒ මහතා පවසයි.
පවතින අධික උෂ්ණත්වය නිසාවෙන් කිකිළියන් බිත්තර දැමීමේ අඩුවක් දකින්නට හැකි බවත් එමෙන්ම ගවයින්ගෙන් දිනකට ලබාගත හැකි කිරි ප්‍රමාණයේ අඩුවක් දැකිය හැකි වන බවද ඒ මහතා පැවසීය.
එබැවින් නිවාස වල සහ ගොවිපළවල සිටින සතුන්ට නිරන්තරයෙන් ජලය ලබාදීමට කටයුතු කිරීම හැකි තරම් වාතාශ්‍රය ලබා ගැනීමට හැකි ආකාරයෙන් එම සතුන් ගාල්කර තැබීම අවශ්‍ය විටමින් වර්ගයෙන් සතුන්ට ලබාදීමට කටයුතු කිරීම වැනි කටයුතු සඳහා අවධානයක් යොමු කරන ලෙසද ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආතතියෙන් ජලභීතිකාව ඇති වෙනව කියල අළුත් සොයාගැනීමක් නේද? මෙච්චර කල් මම නම් හිතාගෙන හිටියෙ ජලභීතිකාව කියන්නෙ වෛරස් එකකින් බෝවන රෝගයක් කියලා.
ජලභීතිකාව රාත්‍රියේ ගමට කඩාවදින නරින්ගෙන් වයිරසයක් නිසා (මැතිවරණ කාලෙට ගමට එන නරි නොවෙයි කියලා හිතාගන්න සමහර විට උන්ගෙනුත් බෝවෙන්න පුළුවන් ඇති) බල්ලන්ට බෝවෙලා මිනිසුන්ට වැළදෙන රෝගයක් කියලා මම අහලා තියෙනවා.
මේ වෙලාවේ පවතින අධික රශ්මිය නිසා අපි හරි ආතතියෙන් ඉන්නෙ ඉතින් 2010 පැවති ජනාධිපතිවරණය අවසන් මොහොතේ හිටපු මැතිවරණ කොමසාරිස් කොහොම හිටියද මන්දා