IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’මං රනිල්ගෙ ගොට්ටෙක් නෙමෙයි’’

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට  කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍යවරයා කීය. 

එය තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පැවසීය .

එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බව අවධාරණය කරන ඇමතිවරයා තමන් මේ ප්‍රකාශය කරන්නේ රට ගැන සිතා බවද කීය .

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි .

 

 

 



අදහස් (21)

’’මං රනිල්ගෙ ගොට්ටෙක් නෙමෙයි’’

PATTA hora Sunday, 04 February 2024 10:17 AM

කවුද ගොට්ටෙක් බව නොදන්නේ. රනිල්ට ගොට්ට නොඇල්ලුවොත් අර කප්පන් කේස් එකට ඇතුලට යන්න වෙයි කියලා බයයි නේද? හදවත කියලා එකක් තියෙනවාද හෘද සාක්ෂියක් තියෙන්න.

:       0       15

Pradeep Kumara Sunday, 04 February 2024 10:35 AM

අපොයි ඔව්. මං ඔය හැම පැත්තම ෂේප් එකේ තියාගෙන කප්පමක් අරගෙන පාඩුවේ ඉන්නේ. මට ඔය බොරු අවලාද කියන්න නම් එපා...!

:       0       12

Lakmal Sunday, 04 February 2024 10:49 AM

ගොට්ටෙක් නෙවෙයි...!

:       0       8

Buddika Sunday, 04 February 2024 11:17 AM

ඒ ඔබ දකින විදිය. ඒත් එළියේ සිට අපි ඉතාමත් හොඳින් දකින්නේ ඔබ රාජපක්ෂ ගොට්ටෙක්ව සිට දැන් රනිල්ගේ ගොට්ටෙකු වී ඇති බවයි. මෙයා උසාවියකින් දඬුවම් දීපු කෙනෙක්. ඒ කප්පම් අරගෙන එය ඔප්පු වීම නිසා... එවැන්නෙක් සුදුසුද ඇමැතිකම් දරන්න?

:       0       12

Asanka Sunday, 04 February 2024 11:28 AM

රනිල් වික්‍රමසිංහ මහතා රට නැවතත් නිවැරැදි මාවතට යොමුකර ආර්ථිකය ගොඩගැනීමට පියවර ගනිමින් සිටියි. රටට වෙනත් නිවැරැදි විකල්පයක් මෙතෙක් නොමැත.. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා. අනිවාර්යයෙන් මීළඟ ජනාධිපති විය යුතුයි...!

:       18       2

Nadadawa withanage sisira kumara Sunday, 04 February 2024 11:32 AM

ඔයා කවුද කියලා අපි නම් හොඳටම දන්නවා...!

:       0       10

මහසෙන් Sunday, 04 February 2024 11:35 AM

වාසි පැත්තට හෝයියා කියන එක තමයි තමුන්ලාගේ ඔය කියන හෘදසාක්ෂිය. තමන්ගේ බඩ වඩා ගන්නයි, කරලා තියෙන ජඩ වැඩ වහගන්නයි තමා ඔය බම්බුවේ සාක්ෂිය තියෙන්නේ... මේ ඉන්නේ තවත් දේශපාලන ශාපයක් තමයි රටට...!

:       0       12

Pinjana Sunday, 04 February 2024 11:42 AM

අච්චු කරපු කෙනාට ඇමැති පට්ටම් දීපු පිනාට... ගොටු අල්ලලා, පසඟ පිහිටුවලා උදේ හවස වඳින්න...!

:       0       13

Kazi Shajahan Sunday, 04 February 2024 11:44 AM

මේ වගේ මිනිස්සු වාසියට රනිල් ගාවට විතරක් නෙවෙයි, ප්‍රභාකරන් හිටියා නම්... පාර්ලිමේන්තු එන්න උත්සාහ කරනවා...

:       1       23

Hafeel Sunday, 04 February 2024 11:44 AM

එහෙම නම් හෘද සාක්ෂියට අනුව කප්පම් ගන්න පුළුවන්ද?

:       0       21

Hafeel Sunday, 04 February 2024 11:45 AM

එහෙම නම් හෘද සාක්ෂියට අනුව කප්පම් ගන්න පුළුවන්ද?

:       0       18

sam Sunday, 04 February 2024 12:14 PM

නැහැ නැහැ මෙයා කප්පම් කේස් එකක ප්‍රධාන චූදිතයා විතරයි. රනිල් මෙයාව ගන්නේ නැහැ. මෙයාව ගාගත්තොත් බලුබෙට්ටක් ළඟට ගත්තා වගේ... මෙයා ගත්තොත් ඡන්දෙ අඩුවෙනවා කියලා රනිල් දන්නවා.

:       2       19

Rata Perata Sunday, 04 February 2024 02:21 PM

කප්පම් කාරයින් තමයි...!

:       0       11

Prabha Sunday, 04 February 2024 02:43 PM

ඔය ගොට්ටා නෙවෙයි කාගේත් සුරතලා...!

:       0       12

විදුර Sunday, 04 February 2024 03:04 PM

අණපනත් හදන්න ආපු අය ඒක පැත්තකින් තියලා ඔවුන්ගේ පුද්ගලික දේවල් ප්‍රසිද්ධියේ ඔන්ලයින් දාන එක අර අලුත් ඔන්ලයින් පනතට අනුව නිවැරැදිද...?

:       0       4

gotta Sunday, 04 February 2024 03:35 PM

ගොට්ටා නෙවෙයි...

:       0       7

de silva Sunday, 04 February 2024 04:56 PM

අධිකරණයෙන් අච්චුකරපු ඔබ කප්පම් කාරයෙක්, IRC කාරයෙක්, ගොට්ටේක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ... නමුත් රනිල්ට කඩේ යන එක නම් හොඳට පෙනෙනවා...!

:       0       13

Nadadawa withanage sisira kumara Sunday, 04 February 2024 06:43 PM

කවුද කියලා ජනතාව දන්නවා..!

:       0       10

Kappan Gotta Monday, 05 February 2024 03:30 AM

කප්පන් ප්‍රසන්න කියන්නේ රනිල්ගේ මෙන්ම රාජපක්ෂලාගේ ගොට්ටේකි.. ඔහුට තනිවම නැගී සිටිය නොහැක.

:       0       1

Perera Monday, 05 February 2024 04:37 AM

මුළු රටම දන්නවා මේකා ගොට්ටා කියලා

:       0       1

achini Monday, 05 February 2024 09:46 AM

මේ කප්පම් කාරයා බේරෙන්න නිසා රනිල්ට මුවාවෙලා ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 154 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site