(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍යවරයා කීය.
එය තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පැවසීය .
එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බව අවධාරණය කරන ඇමතිවරයා තමන් මේ ප්‍රකාශය කරන්නේ රට ගැන සිතා බවද කීය .
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ගොට්ටෙක් බව නොදන්නේ. රනිල්ට ගොට්ට නොඇල්ලුවොත් අර කප්පන් කේස් එකට ඇතුලට යන්න වෙයි කියලා බයයි නේද? හදවත කියලා එකක් තියෙනවාද හෘද සාක්ෂියක් තියෙන්න.
අපොයි ඔව්. මං ඔය හැම පැත්තම ෂේප් එකේ තියාගෙන කප්පමක් අරගෙන පාඩුවේ ඉන්නේ. මට ඔය බොරු අවලාද කියන්න නම් එපා...!
ගොට්ටෙක් නෙවෙයි...!
ඒ ඔබ දකින විදිය. ඒත් එළියේ සිට අපි ඉතාමත් හොඳින් දකින්නේ ඔබ රාජපක්ෂ ගොට්ටෙක්ව සිට දැන් රනිල්ගේ ගොට්ටෙකු වී ඇති බවයි. මෙයා උසාවියකින් දඬුවම් දීපු කෙනෙක්. ඒ කප්පම් අරගෙන එය ඔප්පු වීම නිසා... එවැන්නෙක් සුදුසුද ඇමැතිකම් දරන්න?
රනිල් වික්‍රමසිංහ මහතා රට නැවතත් නිවැරැදි මාවතට යොමුකර ආර්ථිකය ගොඩගැනීමට පියවර ගනිමින් සිටියි. රටට වෙනත් නිවැරැදි විකල්පයක් මෙතෙක් නොමැත.. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා. අනිවාර්යයෙන් මීළඟ ජනාධිපති විය යුතුයි...!
ඔයා කවුද කියලා අපි නම් හොඳටම දන්නවා...!
වාසි පැත්තට හෝයියා කියන එක තමයි තමුන්ලාගේ ඔය කියන හෘදසාක්ෂිය. තමන්ගේ බඩ වඩා ගන්නයි, කරලා තියෙන ජඩ වැඩ වහගන්නයි තමා ඔය බම්බුවේ සාක්ෂිය තියෙන්නේ... මේ ඉන්නේ තවත් දේශපාලන ශාපයක් තමයි රටට...!
අච්චු කරපු කෙනාට ඇමැති පට්ටම් දීපු පිනාට... ගොටු අල්ලලා, පසඟ පිහිටුවලා උදේ හවස වඳින්න...!
මේ වගේ මිනිස්සු වාසියට රනිල් ගාවට විතරක් නෙවෙයි, ප්‍රභාකරන් හිටියා නම්... පාර්ලිමේන්තු එන්න උත්සාහ කරනවා...
එහෙම නම් හෘද සාක්ෂියට අනුව කප්පම් ගන්න පුළුවන්ද?
එහෙම නම් හෘද සාක්ෂියට අනුව කප්පම් ගන්න පුළුවන්ද?
නැහැ නැහැ මෙයා කප්පම් කේස් එකක ප්‍රධාන චූදිතයා විතරයි. රනිල් මෙයාව ගන්නේ නැහැ. මෙයාව ගාගත්තොත් බලුබෙට්ටක් ළඟට ගත්තා වගේ... මෙයා ගත්තොත් ඡන්දෙ අඩුවෙනවා කියලා රනිල් දන්නවා.
කප්පම් කාරයින් තමයි...!
ඔය ගොට්ටා නෙවෙයි කාගේත් සුරතලා...!
අණපනත් හදන්න ආපු අය ඒක පැත්තකින් තියලා ඔවුන්ගේ පුද්ගලික දේවල් ප්‍රසිද්ධියේ ඔන්ලයින් දාන එක අර අලුත් ඔන්ලයින් පනතට අනුව නිවැරැදිද...?
ගොට්ටා නෙවෙයි...
අධිකරණයෙන් අච්චුකරපු ඔබ කප්පම් කාරයෙක්, IRC කාරයෙක්, ගොට්ටේක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ... නමුත් රනිල්ට කඩේ යන එක නම් හොඳට පෙනෙනවා...!
කවුද කියලා ජනතාව දන්නවා..!
කප්පන් ප්‍රසන්න කියන්නේ රනිල්ගේ මෙන්ම රාජපක්ෂලාගේ ගොට්ටේකි.. ඔහුට තනිවම නැගී සිටිය නොහැක.
මුළු රටම දන්නවා මේකා ගොට්ටා කියලා
මේ කප්පම් කාරයා බේරෙන්න නිසා රනිල්ට මුවාවෙලා ඉන්නවා.