(මුදිතා දයානන්ද)
මේ රට හදන්න බැරිනම් හදන්න පුළුවන් රටක් ලෝකයේ වෙන නැතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවසීය.
ඔහු මෙසේ පැවසූයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ ”වැඩකරන ජනතා සමුලුව” අමතමිනි.
එහිදී තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
‘‘දැන් එළැඹ තිබෙන්නේ හොඳම නිදිමරන්නා තේරිමේ තරගයක් හෝ හොඳම සොරමුල තේරීමේ හෝ සොරමුලකට නායකයෙක් තේරීමේ තරගයක් නෙවෙයි. ඉදිරි වසර පහක කාලය සඳහා රටේ පාලනය සඳහා තෝරා ගන්නේ කවර කණ්ඩායමද යන්න තීරණය කර ගැනීමයි.
මේ රට හැදිය හැකි, ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකළ හැකි නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාවයි. මෙවැනි අවස්ථා ඉතිහාසයෙත් ජනතාව හමුවට ආවා. එහෙත් අපේ රටේ ජනතාව ඒ හැම විටකදීම හොඳම තෝරා ගැනීමට අසමත් වුණා. ඔවුන් තෝරා ගත් නායකයින්, කණ්ඩායම් රට ගෙනගොස් තිබෙන්නේ විනාශකාරී අන්තයකටයි.
මේ රටට තවදුරටත් ඒ විනාශය අත්වීමට ඉඩ දිය යුතු නැහැ. රටක් හදන්න මැජික් කාරයින්ට බැහැ. රට ගොඩනැගීම තනි පුද්ගලයෙකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලියක් නෙමෙයි. සාමූහික ක්‍රියාවලියක්.
ලොව සෑම රාජ්‍යයක්ම ගොඩනගා තිබෙන්නේ සාමූහික ක්‍රියාවලියක් තුළයි. රටට නායකත්වය දෙන දූෂිත දේශපාලනයේ, දැනුම ලබාදෙන වෘත්තීයවේදීන්ගේ සහ රට මෙහෙයවන වැඩකරන ජනතාවගේ මැදිහත්වීම ඊට අවශ්‍යයි.
අප සතුව ඒ බලවේගය ඉන්නවා. අද මෙතන මේ රැස්වෙලා ඉන්නේ ඒ බලවේගයයි. මේක හදන්න පුළුවන් රටක්. අපි ඒ රට භාරගත යුතුයි.
අපේ රටේ අයියා වරාය ඇමති වෙනකොට මල්ලි වරායේ සභාපති. ඒ අයියාම තෙල් ඇමති වෙනකොට ඒ මල්ලිම තෙල් සංස්ථාවේ සභාපති. අයියා ජනාධිපති වෙනකොට මල්ලි ටෙලිකොම් එකේ සභාපති. අයියා ජනාධිපති වෙනකොට මස්සිනා එයාර් ලංකා එකේ සභාපති. එවැනි දේශපාලනයක් අපිට නැහැ. අපි ඇමතිකම් දරපු කාලේ හොයලා බලන්න අපි සභාපතිකම්වලට ලේකම් තනතුරුවලට දැම්මේ ඒ තනතුරුවලට දක්ෂ, ඒ ගැන දැනුමක් ඇතී වෘත්තිය සුදුසුකම් ඇති අයයි.
රටට තවදුරටත් මෙලෙස ඉදිරියට යා නොහැකියි. මේ ගමන නව දිශාවකට යොමු කළ යුතුයි. සහතික වශයෙන්ම මේ රට සෞභාග්‍යයේ මාවතට ගෙන යන බවට පොරොන්දු වෙනවා.
මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ. අප මේ රටේ වැඩකරන ජනතාවට ආයාචනය කරන්නේ මේ රට ගොඩනගන මාවතට අපත් සමඟ එකතු වන ලෙසයි.‘‘








(ඡායාරූප-ගයාන් අමරසේකර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට හදන්න තිබුණු හැම හොඳ වැඩකටම කකුලෙන් අදින ජවිපෙ වගේ අන්තවාදී පක්ෂ නොතිබුණා නම්..
මේ වතාවේ මාගේ ඡන්දය ඔබටයි. අර පක්ෂ දෙකේම අපේක්ෂකයින්ට දැන් කාලාන්තරයක් තිස්සේ ඡන්දෙ දීලා මට දැන් ඇතිවෙලා තියෙන්නේ. වසර 71ක් තිස්සේ මේ ලබාගෙන තියෙන ජයග්‍රහණ ඉතාම මන්දගාමියි. මැරෙන්න කලින් ඔබලාටත් දීලා බලන්නම්...
මහත්මයා සිතන්නේ හරියට ලිඳේ ඉන්න මැඩියෙක් වගේ.. ලංකාව දියුණු නොවන්නේ පාලකයන් අනුගමනය කරන ආඬි හත්දෙනාගේ පිළිවෙත නිසයි. අවංකව වැඩ කරනවා නම් ඕනෑම රටක් දියුණු කරන්න පුළුවන්. ලොවපුරා සැරිසරන ජනාධිපතිතුමාගෙන් අහලා බලන්න මොනරටද ලෝකේ දියුණු කරන්න බැරි කියලා.
ජවිපෙත් අපිව රැවැට්ටුවා. 20වැනි සංශෝධනයේදී... ඒ හින්දා බොරුකාරයින්ට නොදී හොරුන්ට කොහොමවත් නොදී... නාගානන්දටයි මේ පාර දෙන්නේ...
ඇත්ත නේන්නම්... ඒ කාලේ පාලම්, බෝක්කු පුපුරවලා, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා, විදුලි කම්බි කඩල දාලා, හොඳට ඵලදරන පොල්ගස් කපලා දාලා, ඉගෙන ගන්න කොල්ලන්ව සහ රටට වැඩදායක ශ්‍රම බලකාය ස්ට්‍රයික් කරවලා, රට විනාශ නොකළා නම් මේ රට ගොඩ ගන්න තිබුණා. මෙයා හිතන්නේ රට ගොඩ ගන්න මෙයාලට බාරදෙයි කියලද? අනුපාත ඡන්දෙ නොතිබුණා නම් මෙලහට ගස්ගෙඩි කඩනවා.
රට නම් හදන්න පුළුවන් ඔහෙලා වගේ යටි උගුල් කාරයන් නැත්නම්.
විරුද්ධ මතධාරී පවුල් පිටින් මරා දැමීම නම් ජවිපෙ අනුමත කළ බව දනිමු. දැන් පක්ෂය අමතක කර ඇති අරමුණු වෙනුවෙන් බිලි පූජා කළ අයගේ වියපත් මාපියන් අසරණව ඇත්තේ පවුල් වාදය නැති නිසා විය යුතුයි.
ලංකාවේ සෑම රාජ්‍ය ආයතනයකම, පෞද්ගලික ආයතනයකම, විශ්වවිද්‍යාලවල යන ජනතාවට සාර්ථකත්වය කරා මෙහෙයවපු ආයතන වල පොදු ව්‍යුහය කඩා බිඳදමලා ඒ සෑම ආයතනයක්ම දේශපාලනීකරණය කරවලා, තම තමන්ගේ පටු අරමුණු මුදුන්පත් කරන්න ජනතාව බිල්ලට දීපු අය රට නන්නත්තාර කරපු අය අද රට හදන ක්‍රමය ගැන කියනවා. මේ කියන සුරංගනා කතා ඇහුවොත් අහන්නේ 2000 අවුරුද්දෙන් පස්සේ ඉපදිච්ච අය තමයි.
71 සහ 88/89 රට හදපු හැටි මතක් වෙනවා..!!!
හදන හැටි කිව්වම T56 මතක්වුණා.
"මේ රට හදන්න බැරිනම් හදන්න පුළුවන් රටක් ලෝකයේ වෙන නෑ"... මෙන්න මේක සහතික ඇත්ත. මේ රටේ තරම් ස්වභාවික සම්පත්, මානව සම්පත තියෙන රටක් නෑ. මේවයින් හරියට ප්‍රයෝජන ගන්න ක්‍රමයක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල නෑ. කර්මාන්ත කියන්නේ ගාර්මන්ට් නෙවෙයි, ස්වභාවික සම්පත් හරි විදිහට කලමන කරණය කරලා මේ රටේම නිෂ්පාදන කරලා අපනයනය කරන එකට. උදාහරණයකට පුල්මුඩේ ඛනිජ වැලි, බෝගල මිනිරන්, අපි මොනවද කරන්නේ..? මේවා නිකන්ම රට පටවනවා. නිෂ්පාදනයක් කරන්නේ නෑ. කොයි පාලකයාටද මේවා හරි විදිහට පාවිච්චි කරන්න සැලැස්මක් තියෙන්නේ? මේ ගොඩක් අයගේ (මෙයාලගේ පිටිපස්සේ ඉන්න අයගේ) ඔලුවේ තියෙන්නේ අායෝජකයින්ගෙන් කොහොමද කොමිස් කුට්ටියක් ගන්නේ කියලයි...
මෙච්චර කල් අපිද පාර්ලිමේන්තු ගියේ...?
මෙරට හදන්න පුළුවන්?.. ඔව්. ඔය දියවන්නාවේ ඉන්න 225ම වැලිකඩ බෝඩිමේ සදහටම නවත්වලා. ඔවුන්ගේ අනිකුත් හෙන්චයියලා ටික ඩෙල්ෆ්ට් දූපත වැනි වැඩිපුරම බුරුවන් පමණක් සිටින දූපතකට සදහටම යවලා. කොමිස් නම් අම්මා අප්පා වුණත් විකුණලා, ඕනෑම ජඩවැඩක් කරන පාගාකාරයින්ව කුඹුරු අස්වද්දන්න යෙදෙව්වා නම් හෙට ඉඳන් මෙරට ගොඩ... අවුරුදු 5-6ක් වැනි කෙටි කලක් තුලදී ලෝකයේ ජීවත් වෙන්න පුළුවන් හොඳම රට කරන්නත් පුළුවන්...
ඔව්, ආණ්ඩු නම් කීයක් එක්ක උත්සාහ කළාද? කඩේ ගිහිල්ලම...
රට හදන්න කලින් තම තමන් හැදෙනවා නම් තමයි හොඳ... තරුණයන් උපාධියට හරියන රැකියාව ලැබෙනතෙක් කල් මරති. රාජ්‍ය සේවකයෝ කාර්යක්ෂමතාව නොහඳුනති. තවත් කොට්ටාශයක් හතර පේරුවේ ඥාතීන්ගෙන් යැපීමට සිතා නිකම් බලා සිටිති. වයස සම්පූර්ණ වූවන්ගෙන් විශාල ප්‍රතිශතයක් ශ්රමබලකායේ නැත. නිවසේ සිට කුඩා ව්‍යාපාරයක් කිරීම, අප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක සුළු රැකියාවක් කිරීම නම්බුවට බාධාවක් ලෙස සිතන කොට්ටාශයක් ඇත. ඉතින් මෙහෙව් රටේ කවුරු බලයට ආවත්, පැමණි ගමන් සුඛිත මුදිතවන්නේ කෙසේද? ප්රශ්නය ඇති නැති පරතරය හෝ ධනවාදී ආර්ථිකය නොවේ. රටවැසියන්ගේ සිට හොරගෙඩියන් දක්වා ඇති ඝෘණාත්මක ආකල්පයයි.
හනේ මෙන්න වැන්දා. කරුණාකරලා මේ රට ඇතහැරලා වෙන රටකට ගිහින් ඒ රට දියුණු කරනවද? අපිට දැන් පණ නැහැ තමුන්නාන්සේලාගේ දියුණු බෙහෙත් බීලා.
බොරු කියන්නැතුව එන්න අනේ... කොච්චර රටවල් අපිට කලින් ගොඩගියාද? රට කන අය නිසයි රට නැති වෙන්නේ..
JVP නැත්තම් නේද?
පන්සල් නොයන, ජීවිත දහස් ගණනක් බිලිගත්ත, රටේ දේපල විනාශ කරපු, විශ්වවිද්‍යාල තරුණ පරපුර දැනටමත් විනාශ කරන ජවිපෙට කඩේයන සිවුරු පොරවාගත් අය දැක්කම පුදුම කල කිරීමක් ඇතිවෙන්නේ. මේවා නායක හාමුදුරුවරුන්ට පේන්නේ නැත්තේ අැයි? වෙන කිසිම ආගමික පූජකවරු ජවිපෙ වැඩවලට සහභාගී වෙන්නේ නැහැ. මෙතැන ඉන්න සිව්රු පොරවාගත් අය ශාසනයෙන් නෙරපා දැමිය යුතුයි.
ඒ වගේ සිංදු අපිට ඡන්ද කිට්ටු වෙද්දී හෝසේට ඇහෙනවා..,