IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘මේ රට ගොඩ නැගිය හැක්කේ රනිල්ට පමණයි‘‘

(තිලකරත්න දිසානායක)

රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (20) ගම්පහදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් නියෝජ්‍ය නායකයා මේ බව කියා සිටියේය.

ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා මෙම රැස්වීම සංවිධානය කළේය.

නියෝජ්‍ය නායකයා මෙසේ ද කියා සිටියේය.

ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයක් පවත්වනවා. එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීම පිනිස මේ වනවිට පක්ෂ ගණනාවක් සහ පක්ෂය හැර ගිය විශාල පිරිසක් යළි එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානමින් සිටිනවා.

පක්ෂ රාශියක් ‘එක්කරගෙන රට සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර සිටිනවා.  මේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (6)

‘‘මේ රට ගොඩ නැගිය හැක්කේ රනිල්ට පමණයි‘‘

සිල්වා Saturday, 20 May 2023 05:42 PM

මෙරට දියුණු කළ හැක්කේ ආකල්ප යහපත් ලෙස වෙනස් කරගත් ජනතාවටයි...

:       2       22

පිටරැටියා Saturday, 20 May 2023 07:37 PM

අපේ රට ගොඩ ගන්න නම් දූෂණයෙන්, වංචාවෙන් තොර රටට ආදරේ කරන අවංක නායකයෙක් විය යුතුයි. හිටපු අය කිව්වෙත් ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා...

:       0       0

nimal Saturday, 20 May 2023 08:25 PM

රනිල් වික්‍රමසිංහ මහතා නැවත මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලබාගත්තද තරුණයින් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුවේ. දැනට පෙනෙන්නට තිබෙනා ආකාරයට 70 - 80 දශකයේ සිටි පාක්ෂිකයින්ම පමණක් දේශපාලනයේ යෙදී සිටියි.

:       0       0

LGP. JATHUNARACHCHI. Saturday, 20 May 2023 09:09 PM

ඔව්, ගොඩක් ප්‍රමාදයි...!

:       0       0

සාර්කැස්ටික් Saturday, 20 May 2023 09:15 PM

ඕක බොරුවක්... රට ගොඩනගන්න පුළුවන් අය ඕනෑතරම් ඉන්නවා. මේ දේශපාලන මාෆියාව එයාලාට ඉස්මතු වන්න දෙන්නේ නෑ. අපේ පංතියේ අය ඩොලර් උපයනවා. එයාලගේ පංතියේ අය ඩොලර් වියදම් කරනවා...

:       0       0

Akila Saturday, 20 May 2023 09:38 PM

පින්පති එක්ක මුළු යූඇන්පී සෙට් එකම ගොඩයන්න සෑහෙන්න දඟලනවා. යහපාලන සමයේදී රට තියෙන්නේ අර්බුදයක බව නොදැන වගේ ක්‍රියාකරපු රනිල් රට වැටුණාට පස්සේ දැන් හදයි බලාගෙනම ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site