
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව කාලයක් තිස්සේ වංචාකරුවන්ගේ හොරුන්ගේ තිප්පොලක්, ගුම්බෑයමක් බවට පත්ව තිබු බව අමතක කළ යුතු නැතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමාගම් වල ඉන්න අධ්‍යක්ෂවරුන් මෙන්ම කොටස් හිමියන් සහ අනෙකුත් පාර්ශවයන් සම්බන්ධයෙන් තොරතුරු එකතු කොට ඒවා නිසි පිළිවෙලකට ක්‍රියාවලියකට ගේන්න අප මේ පනත ඉදිරිපත් කර තිබෙනවා.ලංකාවේ ව්‍යාපාර ඇරැඹීමේ දී සමාගම් ලෙස ලියාපදිංචි වීම ඉතා හොඳ දෙයක්.ඒ ආයතන ක්‍රියාවලියට ඇතුළත් වන ආයෝජකයන් අධෛර්යමත් කිරීමක් මෙයින් වන්නේ නැහැ. නිවැරදි ව්‍යාපාරිකයන් කවුද? ඔවුන්ගේ තොරතුරු මොනවාද? කියා තොරතුරු එකතු කර ගන්න මේ සංශෝධනය ගෙනවිත් තිබෙනවා. අපේ රට කාලයක් තිස්සේ වංචාකරුවන්ගේ හොරුන්ගේ තිප්පොලක්, ගුම්බෑයමක් බවට පත්ව තිබුණා.ඒ වගේම ටෙන්ඩර් මගඩි වලින් මුදල් උපයන අය හිටියා.ඒ නිසා අපේ ආයතන පද්ධතිය යම් පරිහානියකට දූෂණයකට ලක්ව තිබෙනවා.රට යම් නීත්‍යානුකූල ක්‍රියාවලියකට නතු කර ගැනීම අපේ අරමුණයි.මෙවැනි සමාගම් වල පිරිසිදු බව ආරක්ෂා කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ කොටසක් ලෙස හඳුන්වා දිය හැකියි.යමක් ක්ලීන් කරනකොට කවුරු හරි කලබල වෙනවා කියන්නෙම ඒකෙ පොඩි කෑල්ලක් තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ මත නැත්තේ මේ ළඟදීත් කන්ටේනර් 323 පැන්නුවා, 76,000/- ගානේ මල්ටි ප්ලග් ගන්න ගියා...
දූෂිතම පව්ල් පාලනයක් ගෙනගිය උන්දැලා සහ පව්ලේ හතර වරිගෙම ඉන්නා අය, වටේම හිටපු දූෂිත දේසපාලුවෝ සහ හෙන්චයියලා මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. වහලුන්ට අමතක වුණාට ජනතාවට ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා මහාපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, ර්‍රීරී මාන්ස හූරාගෙන හූරාගෙන කාපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්ගේ කෙරුවවාල් ගැන අපිට නම් අමතක නැතුවා...
කන්ටේනර් හොරකම, ප්ලග්බේස් මගඩිය, හොර ඔප්පු, හාල් ලුණු ආනයන කොමිස් දිහා බැලුවම දැන් රට ඉස්සරටත් වඩා හොර ගුබ්බෑයමක්... ඇතුලේ වෙන ඩීල් සමහර පාපිසි දන්නෙත් නැතුව ඇති...
පල්හොරු දැන් තිගැස්සිලා උන් උන් මරාගන්නවා. වෙනදා ආතල් දැන් හිරගෙදරත් බෑ. තව ටික දවසකින් අපේ රට යහපත් ආරංචි වැඩියෙන් ඇහෙන රටක් වෙනවා සිකුරුයි.
පච වපුරනව වගේ නෙවෙයි . කාට කාටත් ඕවට වන්දි ගෙවන්න වෙනවා. බලය සදාකාලික නෑ. එක මොහොතකින් සියල්ල උඩුයටිකුරු වෙන්න පුලුවන්
රටේ යුක්තිය නීතිය සාදරණය විනාශ කරපු, සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමැරු කැළෑ නීතිය රජ කරවපු උන් රට හැම අතින්ම විනාශම කෙරුවා. කුඩු අගමැති ,එතනෝල් ජොනියා දූෂිත දේසපාලුවෝ,රේගුවට බලපෑම් කරලා උන්ගේ කන්ටේනර් නිදහස් කරගත්තා.
සීනි හොරකම හොරකමක් නෙවෙයි කිව්වා මේ ආණ්ඩුව. ඉතින් හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියන්නේ කවුද කියල මිනිස්සු දන්නවා.
නෑදෑයෝ නැති ඈයෝ ගෙනියන්නේ පවුල් පාලනයක් නොවෙයි, මිත්‍ර පාලනයක්...
ගොබ්බ කාලකණ්නි අපත පාහර වසලය...යකෝ හොරකම වංචාව දූෂණය නැතිනම් බදු නොගහා බඩු මිල අඩුකරපන්කො..ඒ මිනිස්සු හොරකම් කර කර බඩුමිල අඩුවට දුන්නනෙ...ඒකෙන් පේන්නෙ තොපි කම්බ හොරු කියල නේද
හොරු වංචාකාරයො ඉන්න කාලෙ රටේ වැඩක් උනානෙ ඇමැතිතුමෝ තමුංල වගේ කයිවාරුව විතරක් ඇති කෙප්ප කෙබර නිකම්මු රටේ පාලනය හොබවන කාලෙට වඩා.
මතක නැද්ද, පැලවත්තෙ අරමුදල ගොඩනැගුවෙත් ඒවයින්නෙ...
රටම හොරාකාලා විනාශ කරපු දූෂිතම පවුලේ උන්ව ජනතාව පැන්නුවේ නිකම්ද ? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ හෙළිවෙළා පෝළිමේ මහ උලු ගෙදර කල්දේරම් බත් කන්ඩ වෙයි කියලා කවුද හිතුවේ? වහල්ලූ හිතාගෙන ඉන්නේ මිනිස්සු ඇස්,කන් නැති මෝඩයෝ කියලා?