
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (10) පැවසීය.
ගාස්තු ඉහළ දැමීමට අනුමැති දෙන දිනයේ සිට එය ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා මහජන උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ගැනීමට දින 21 ක කාලය ද දී ඇති බව ද සඳහන් කළේය.
ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කී එම නිලධාරියා ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට හෙන ගහන්න ඕනේ ජනතාව මෙච්චර සූරන් කනවාට...!
මොන මගුලක් කරනවද මන්දා..., මේ ඔක්කොම එකයි.
මණ්ඩලය ඇතුලේ තියෙන සේරම හොරාකෑම්වලට ජනතාව වන්දි ගෙවන්න ඕනෑ. අනේ කාලේ වනේ වාසේ කිව්වාලු...!
මෙහෙම වැඩිකරන්නේ IMF එකෙන් කියන නිසා වෙන්න ඇති වැඩිකළාම... අපිට ගෙවන්න ක්‍රමයක් නැහැ. විදුලිය ගැනීමේදී තැන්පත් කරන මුදල් සඳහා පොලියක් දෙන්නේ නැද්ද? පාරිභෝගිකයින් සූරා කෑමට වැඩිකිරීම මාසයේ මැද දවසක කළාම වැඩිනොකළ කාලයටත් ගෙවන්න වෙනවා වැඩිකළ ආකාරය ගැන විස්තරයක් දෙන්නේ නැහැ. ඒ නිසා අපිට එහෙම කියන්න වෙනවා...!
මහජන අදහස් විමසුවේ ඩොලර් කන්නද?
IMF එකෙන් කියන විට බදු වැඩිකරනවා නම් මේ රජයෙන් ඇති වැඩේ මොකක්ද? රනිල් අපි දෙවෙනි පන්තියේ පුරවැසියන් නෙමෙයි කියලා ඔයාට හොඳටම ශුවර්ද?
හෙනම ගහන්න ඕනෑ... කාලකන්නි විදුලිබල මණ්ඩලේ කාලකණ්ණින්ට.... ඕකුන් ගසකාලා අපි ගෙවනවා...
මූල්‍ය අරමුදලේ පදයට නටනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් දන්නේ නැති මහළු පිං ජනපති හා ඔහුගේ ගෝල බාලයෝ ජනතාව නොමරා මරනවා...!
හැමතිස්සේම කියන්නේ විදුලිබල මණ්ඩලයේ කාලකන්නි හොරා කනවා කියලා. මේකේ වැළලෙන අය තාම තෙල් ගහන්නේ පරණ ගානටද? ඒ ගානට තෙල් අරගෙන තමයි මණ්ඩලයේ දුවන්නේ. 167 තෙල් 415 යි 400 කොත්තු 900 යි 7.50 ඛස් ගාස්තුව 29 යි. 1.50 පැනඩෝල් පෙත්තක් 6 යි... විදුලිය විතරක් අඩුවට ඇයි...? හොරා කෑවේ වෙන අය. බැනුම් අහන්න වෙන අය. ඇත්තට හොරා කාපු කෙනාට හොරා කියන්න කොන්දක් නැති අය කාටහරි බැනලා හිත හදාගන්නවා...!
මේ තරම් වැහලත් මේ කාලකන්නි හැත්ත විදුලිබිල වැඩි කරනවා.. මොවුන්ට හෙන ගහන්න ඕනේ මේ ආණ්ඩුව මකබෑවිලා යන්න ඕනේ ජනතාවට දෙන පීඩාවට...!
ලංවිම කරන හොරවැඩ නිසා පාඩු ලබනවා. IMF කියන ඕනෑම දෙයක් ගෙඩිය පිටින්ම පිළිගන්න ආණ්ඩුව සූදානම්. මේ නිසා ලංවිම ලබන පාඩු ජනතාවගෙන් අයකර ගන්න ලෑස්ති වෙනවා. මේකට කිවයුතු හැමකෙනාටම සාපවේවා... සාපවේවා... සාපවේවා...!
ලංකාවේ විදුලි සම්බන්ධතා ප්‍රමාණය ජනගහනය එක්ක ගත්තාම ඉතා ඉහළ අගයක්. නිසි කළමනාකාරිත්වයකට නතු වෙනවා නම් නිසැකවම ඵලදායී ආයතනයක්... හැබැයි දූෂණය මුල්බැසගත් ආයතනයක් ලෙස තමයි ප්‍රසිද්ධ. ගොඩක් නිලධාරීන් ඉතා සම්ප්‍රදායක අය. විදුලිබිල වැඩි කිරීම ඉතාමත් අතාත්විතයි. විශේෂයෙන් වර්තමාන ඇමැතිගේ කළමනාකාරීත්ව හැකියාව ප්‍රශ්න සහගතයි. ඔහු හිතන් ඉන්නේ පාඩු නම් මිල වැඩිකිරීම පමණයි කළහැක්කේ කියලා. ස්වාධීන මහජන උපයෝගිතා කොමිසමක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. ඒකක ජනන මිල අඩු කිරීමේ ක්‍රමයන් ගැන සිතීම තමයි විසඳුම...
ප්‍රශ්නය මේකයි... මහජනයාගේ ආදායම කිසිඳු වෙනසක් නොවී වරින්වරට මිල වැඩිකිරීම කොතරම් මහජනතාවට දරාගත හැකිද? මිත්‍රයා එක් ආයතනයක් ගැන නොවෙයි, සමස්ත මහජනයා ගැනම හිතන්න...!
රජයෙ ඇනවශ්‍ය වියදම් කපා හැර විදුලි පරිබොගිකයන්හට යම් සහනයක් ලබා දිය යුතුය.
බිල් ගෙවන සෑම කෙනෙක්ම BMICH වෙත පැමිණෙන්නේ ලංවිම ඉල්ලන පරිදි ගාස්තු ඉහල දැමීම ගැන ඔබේ අදහස ලංවිමට පවසන්න.
මේ රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට කනවා...
IMF එකේ වාර්තාවේ කියලා තිබෙන්නේ රජයේ ආයතනවල (රේගු, ආදායම්බදු) හොරකම්, දූෂණ බොහෝම වැඩියි... මේවා අඩු කරගන්න. රජයේ වියදම් අඩුකරගන්න. (අවශ්‍ය ප්‍රමාණය මෙන් 3 ගුණයකට වැඩි රජයේ සේවකයින් සිටිනවා. රජයේ වියදම් වලින් 85% වියදම් වෙන්නේ මොවුන්ට වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. නමුත් රජයේ කාර්යාලවලින් වැඩක් කරගන්න ගියාම ජනතාවට කාර්යක්ෂම සේවයක් ලැබෙන්නේ නැහැ) පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරගන්න, විකුණන්න එහෙම නැතිනම් වහලා දමන්න... (ශ්‍රීලන්කන් වැනි ඒවා) ආණ්ඩුව විදුලිබල මණ්ඩලේ නාස්තිය, හොරකම්, දූෂණ නැති කරන්න කිසිම පියවරක් අරන් නැහැ... කරන්නේ මේවා ජනතාව පිටින් දමන එක...
මහජන උපයෝගී කොමිසමට පන්දම් කාරයෝ දාගෙන ජනතාවට දෙන පීඩනයක් මේ තරම් වහිනකොට ජල විදුලිය නිපදල අඩු ගානට දීපල්ලකෝ නැත්නම් චන්ද තියපල්ලකෝ
උඹල අපේ අදහස් වලට ගරු කරනවද?
දෙයියෝ සාක්කි! මුන්ට නොගහන්නේ මොකද. අපට කෙලින එකේ ඉවරයක් නෑනෙ.
මන්ත්‍රී හා ඇමැති වරුන්ගේ නිල නිවාස වල බිලුයි, ආගමික ස්ථානවලට දීලා තියන විදුලි බිල සහනයයි පොලිසියෙන් ගෙවන්න ඕනෑ කියලද ඔහෙලා මේ කියන්නේ..? හොර පාලකයින්ටයි, තක්කඩි පූජකයින්ටයි ආවඩනවා නම්, ඔවුන්ගේ බිලුත් ගෙවපල්ලා... බොරුවට උඩ පනින්නේ නැතිව...
ලංකාවේ ජීවත් වීම එපා කරවලා තියෙන්නේ. දූෂිත පාලකයිනි, නුඹලා වෙත විනාශය අත්වේවා!. තිරිසන් අධම දුෂ්ට පාලකයන් තවත් මේ රට කමින් සිටීම කවදා කෙළවර වේද? ජනතාවාදිී කිසිදු තීන්දුවක් කිසිම පාලකයෙක් ගන්න බවක් නොපෙනේ. මෙවැනී පීඩාකාරි ආර්ථිකයක් ජනතාව කෙසේ දරාගන්නද? දැඩි පීඩනයක් එල්ල වූ වසර ගණන් ගෙවමින් සිටින මිනිසුන් මත අපා දුක් පටවමින් නුඹලා සුරසැප විඳිමින් දියවන්නාවට වී නුඹලාගේ කාර්, වැටුප්, දීමනා, කොමිස් කුටිටි තර කර ගනිමින් සිටියි. වහාම මේවා නතර කරපල්ලා..
කරුණාකර මම මේ කියන දෙයත් අවධානයට ගන්න. බිල ගෙවා ගන්න බැරි වුණු බොහෝ දෙනෙක්ගේ ලයිට් කපලා. මාස දෙකක් විතර මුළු මුදලම ගෙවා ගන්න බැරි වුනොත් බිලේ සීල් ගහලා එවනවා විසන්ධි කිරීමට යොමු කරලයි කියලා. මතකද එදා විදුලිබිල වැඩි කරනවාට එරෙහිව නැගී සිටි යූනියන් කාරයෝ කිව්වා බිල වැඩි කරලා ගෙවාගන්න බැරි වෙන මිනිස්සුන්ගේ ලයිට් කපන්න ඔවුන්ගේ සංගම් වල සාමාජිකයින් එන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට ඕනි ඕනි දේවල් කරන්න ඔවුන් ඉඩදෙන්නේ නැහැ කියලා. දැන් ඒ පොරොන්දුවට මොකද වෙලා තියෙන්නේ? බිල ගෙවා ගන්න බැරිව අසරණව ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට ඔය හාදයෝ රැල පිටින් ඇවිල්ලා කපන වැඩේ කරලා දීලා තමන්ගේ අතිකාල දීමනා ලබා ගන්නවා. ඇත්තටම ඔය යුනියන් කාරයින්ගෙන් ඔය ගැන අහන්න කවුරුවත් නැද්ද? දැන් ඔවුන් මාධ්‍ය වලින් ජනතාවට දීපු පොරොන්දුව ඉටු කළ යුතුයි. මිනිසුන්ගේ විදුලි විසන්ධි කරන රාජකාරි වලින් බැහැර විය යුතුයි.
විදුලි බිල වැඩිකිරීමට හේතුව, ලංවිමෙන් ජනන සැලැස්මට බලාගාර ඉඳිකිරීමට රජයන් අකමැත්ත නිසායි, බලාගාර හැදුවොත් ඩීසල් මාෆියාවට සල්ලි හොයන්න බෑ.ඒ වෙලාවේ සාම්පුර් බලාගාරය හැදීම නැවැත්තුවේ කවුද?ඉදිරි වසර 5-10 කට අඩුවියදම් බලාගාර (ගල් අඟුරු, LNG) සැලැස්මක් ක්‍රියාත්මක කරලා නෑ. සුර්ය බලයෙන් විදුලිය නිපදවිහැක්කේ සීමිතව, base load එකග ගන්න පුළුවන් බලාගාර හදන්න ඕනේ මණ්ඩලේට බනින්නේ company කරගන්න ඒකෙන් ප්‍රශ්නය විසදෙන්නේ නෑ. company වලින් රටට හෝ ජනතාවට ආදරෙන් කටයුතු කරයිද?