
(මනෝප්‍රිය ගුණසේකර)
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට පැමිණිලිකාර රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජැක්සන් ඇන්තනි මහතා අධ්‍යක්ෂණය කළ ”ඇඩ්ර්ස් නෑ” චිත්‍රපටය සඳහා රචනා කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය කිසිඳු අනුමැතියකින් තොරව වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තුළින් සිය බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ‘සරෙගම ෆිල්ම්ස්’‘, සන්තුෂ් වීරමන් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන ආයතන වලටය.
තම බුද්ධිමය දේපළ හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලමින් බුද්ධිමය දේපළ පනත යටතේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට ඇතැයිද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මේ බජාර් එකට මල්ලී‘‘ තහනම් නියෝගයක්
Samitha S. Aluthgamage Wednesday, 31 May 2023 05:11 PM
බුද්ධිමය දේපළ පනත තව තවත් බලවත්ව ක්‍රියාත්මක විය යුතුයි. කෙනෙකු දුක්විඳ හා කැපවීමෙන් කරනු ලබන නිර්මාණයක් තමන්ගේ මෙන් භාවිතා කරන නිර්මාණ හොරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි...
Rohana Wednesday, 31 May 2023 05:12 PM
ජේෂ්ඨ කුහකයින් දෙන්නෙක් සහ කණිෂ්ඨ හොරු දෙන්නෙක්.. හැබැයි ඔය කට්ටිය ඔක්කෝම එකට තමයි සෞභාග්‍යයේ දැක්ම ගේන්න කඩේ ගියේ...?
senaWednesday, 31 May 2023 06:27 PM
කුහකයි කියන්න බැහැ... නිර්මාණ කරණයෙන් ජීවත් වෙන මනුස්සයෙක්ගේ නිර්මාණ හොරාගත්තාම ඒ මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද?
නිහාල් Wednesday, 31 May 2023 06:41 PM
හොරුන් හොරාකනතුරු ඉවත බලාසිටීම කුහක නොමැති පුද්ගලයාගේ පුරුද්දයි. රටේ ජනතාවත් කුහක නැති මිනිසුන්ය...
ගමේ එකාලා Thursday, 01 June 2023 01:51 AM
හොඳ වැඩේ.ගීතය මන්කොල්ලකාපු උන්ටත් දැන් ඇඩ්‍රස් නැහැ ?
Sanka Thursday, 01 June 2023 05:52 AM
ගීතයක්, රචකයා, සංගීත අධ්‍යක්ෂක සහ ගායකයා/ගායිකාව යන තිදෙනාටම අයිති නැතිද? එක් අයෙක් පමණක් වාරණ නියෝගයක් ගත්තාම අනික් දෙදෙනාට අසාධාරණයක් සිදුවෙන්නේ නැද්ද? ගායකයා හෝ ගායිකාවට එම ගීතය ගායනා කරන්නවත් ඉඩක් නෑ මේ වගේ වාරණ වලින්. කොහොමත් මෙයා හරි ප්‍රසිද්ධය් වරණ ගන්න.
අසෝක ගුනසේකර Thursday, 01 June 2023 07:41 AM
අරගල කාරයො කියයිද.