(රොමේෂ් මධූෂංඛ)

යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයෝ පිරිසක් පියවර ගත්හ.

ධීවරයින් විසින් ඒලන ලද මා දැලකට මෙම ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු හසුව ගොඩට ගසාගෙනැවිත් අසිරුව සිටින අවස්ථාවේදී ප්‍රදේශයේ ධීවරයින් සියලු දෙනා එක්ව අදාල ඩොල්ෆින් මසුන් නැවත මුහුද දෙසට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

එහිදී දැඩි පරිශමයක් යොදා ඩොල්ෆින් මසුන් 11 දෙනාම කිසිදු හානියක් නොකොට නැවත මුහුදටම මුදාහැරීමට ප්‍රදේශයේ ධීවරයන් පියවර ගැනීඹ කාගෙත් ප්‍රශංශාවට ලක්විය.