(ඉන්දිකා රාමනායක)
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් සිඟම් යැදීම සදහා පවුලේ අය සමග පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි තවත් යාචක කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසයි.
වවිනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සිය මව, මිත්තනිය හා වසර 1 1/2 වන බාල සොහොයුරා සමග ඉකුත් 6 වැනි දින නල්ලුර් ප්‍රදේශයට පැමිණ යාචක සේවයේ යෙදී සිට මුදල් එකතු කරමින් සිට ඇති බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව මඩකලපුවේ සිට පැමිණි බවට ඇය ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.
දැරියගේ මව දැරිය මිත්තනිය බාර දී ඇය මුදල් එක්රැස් කිරීමට ගොස් සිටියදි මඩකලපුවේ සිට පැමිණ බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලාගෙන පිටවගොස් ඇති අතර, මේ දක්වා සැකකාරිය හා දැරිය යළි පැමිණ නොමැති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් දැරියගේ මව යාපනය මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම සැකකාරිය හා දැරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොමැති . මේ සම්න්ධයෙන් පොලිසිය දැරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඡායාරූපයේ සිටින දැරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ළගම පොලිස් ස්ථානයට හෝ යාපනය මුලස්ථානය පොලිසියේ 021-2222222 , 0213211257 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න
රා ෂණ්මුගනාදන් Sunday, 17 September 2023 05:17 AM
මේ වගේ දේවල් වැඩි වශයෙන් සිදුවන්නේ ගොඩක්ම ජනයා ඉන්න තැන්වල...