
( කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මුලතිව් බලා හිංසාකාරී අයුරින් පැටවුන් ඇතුලු මී ගවයන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ 03ක් මඩාටුගම ප්‍රදේශයේ දී අද (29) සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරින් පිරිසක් සිදුකළ ක්ෂණික වැටලිමකදී අදාල ලොරි රථ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
අදාළ ලොරි රථ තුන යොදා ගනිමින් ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මුලතිව් ප්‍රදේශය වෙත මී ගවයින් 49 දෙනෙකු හිංසාකාරි ලෙස ප්‍රවාහනය කරමින් තිබී ඇත.
ප්‍රවාහනය කරමින් සිටි මී ගවයින් අතර පැටවුන්ද වන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd