
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජපන් යන ගමන් සිංගප්පූරුවේ දී අර්ජුන මහේන්ද්‍රන් එක්ක තමා දවල් කෑම කෑවා යැයි කියන කතාව අමූලික බොරුවක් යැයිද එදින තමා දවල්ට කෑවේ සිංගප්පූරු එයාර්ලයින් එකෙන් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අවශ්‍ය නම් එදා තමා කෑ "මෙනු එක" ඉදිරිපත් කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී අදාළ ප්‍රකාශය කිරීමත් සමග ජනාධිපති නිල කාමරයේ සිට සභා ගැබට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රකාශය කළේය.
එස්.එම් මරික්කාර් මහතා:-
ජපානයට යන ගමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය හයක් සිංගප්පූරුවේ හිටියා.පත්තරවල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හම්බ වුණා කියලා.නමුත් අපිට තියන වාර්තාව නම් ජනාධිපතිතුමා ජපන් යන ගමන් සිංගප්පූරුවේ බැහැලා දවල් කෑම කාලා තියෙන්නේ මහබැංකු කොල්ලට වගකිව යුතු පැනලා ගිහින් ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් එක්ක බව පැහැදිලිව කිව යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-
මගේ නම සඳහන් කළා.මං අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා එක්ක සිංගප්පූරුවේ දී දවල් කෑම ගත්තා යැයි කිව්වා.කියන්න කැමතියි උදේ වරුවේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමති තුමා එක්ක උදේ කෑම ගත්තා.දවල් කෑම ගත්තේ සිංගප්පූරු එයාර් ලයින් එකේදි.මොකද මං දවල් එකට යන්න තිබුනේ. ඒ වෙලාවේ ගුවන් යානයට නැග්ගම කෑම ගත්තා.ඕන නම් මම මෙනු එකත් ගෙනත් පෙන්නන්නම්.මොනවද එදා කෑවෙ කියලා.
මරික්කාර් මන්ත්‍රීතුමා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම ගැන මම කනගාටු වෙනවා.අනෙක් අතට මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා දැන් මැද පන්තිය එකතුවෙලා අරගලයට එන බව.විශාල අර්බුදයක් තියෙනවා ,අරගලයක් එනවා කියා එතුමා කිව්වා.මේක මීට ඉස්සෙල්ලා කිව්වේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය.මං දැන් කැමතියි දෙදෙනාම එකම ප්‍රකාශයක් කරන එක ගැන. මම ඒකට එකඟ වන්නේ නැහැ.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ අඩි පාරේ මරික්කාර් මන්ත්‍රීතුමා දැන් යන බව අපට පේනවා.
එස්.එම් .මරික්කාර් මහතා:-
මම දැක්කේ නැති එකක් තමයි මම කිව්වෙ. මාධ්‍යයේ පළ වුණ එකක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොටුවේ ඉන්න බූරු සෙට් එකට දැන් රනිල් වගේ කෙනෙක් නැහැ
කාපුවාට වඩා හොඳයි නේද කන්න වෙන දේවල් ගැන කතා කෙරුවානම් .ඒවාට කියන්නේ ගුටි කියලා
එදා දවල්ට අර්ජුන් එක්ක කෑවෙ නැතුව වෙන්න පුලුවන්. නමුත් මහෙන්ද්‍රන් සහ ඇලෝසියස් එක්ක එකතු වෙලා මහ බැංකුව කොල්ල කාල මුලු රටම කෑව. දැනුත් කනව.
හා එහෙනම් කාපුවා කියන්න බලන්න...?