
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත් පිල්ලෙයොන් තියාගෙන නැටුමක් නටන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
විපක්ෂය ප්‍රශ්න අහන්නේ ගොවියාට අවශ්‍ය දේවල් ආණ්ඩුවෙන් නොකෙරෙන නිසා. ඒ දේවල් හරියට කෙරෙනවා නම් මේ අර්බුද ඇතිවන්නේ නැහැ.ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අය කොතරම් එකිනෙකාට අපහාස කරලා තියෙනවද කියලා හෑන්සාඩ් වාර්තා අරගෙන බලන්න.ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක ස්වාධීන ආයතනයක්. මේ අයට බලතල ගොඩක් දීලා තිබුනා.දැන් අධි බාර සමාලෝචන කමිටුවක් පත් කරන්න යනවා. මේක වෙනම ආයතනයක්.එතකොට මේ ස්වාධීනා ආයතනයට වෙන්නේ මොකක්ද?හැම නිලධාරියාම බය කරලා තමන්ගේ අතට ගන්න වැඩ පිළිවෙලක් මේ විගණන පනතින් සිදු නොවිය යුතුයි.ඒ වගේම ඔබ තුමාලාගේ ජාතික ලැයිස්තුවේ හිටපු පාස්කු ප්‍රහාරයේ ඊබ්‍රහම් නානා ගැන පරීක්ෂණ ගැන මුකුත් ඔබතුමාලා කියන්නේ නෑ.මතක තියාගන්න, මේ රටේ පාස්කු ප්‍රහාරය ගැන තමුන්නාන්සේලාත් අනෙක් අය වගේම නැටුමක් නටනවා. පිල්ලෙයන් තියාගෙන නටවනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු නැටුම් නැටුවා කියලා ළඟදීම එළිවෙයි... එතකල් හිටු
පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුණේ.., නිරායුධ අහින්සක මිනිස්සු... දේව මෙහෙයට සහභාගි වූ අය. ඔවුන් වෙනුවෙන් යුක්තිය නීතිය සාධාරණය ඉෂ්ට වෙනවාට අකමැතිව විකාර කියවනවා...
ආයේ දෙකක් නැහැ, දැන් අවුරුද්දක් ගිහින් කෝ මහා මොළකරු? පොරොන්දු වුනේ ඡන්දය දිනු වහා මහා මොළකරු එළිදරවු කරනවා කියල.
ඒ කියන්නේ ඔයාලත් නැටුවද? ඔයාලගෙ කාලෙ හොයාගන්න තිබුණනේ. නැට්ටුවෝ කවුද කියල මිනිස්සු දන්නවා.
මෙයා හොඳයි රිලා නැටුමකට
ඒ දවස් වල අගරදගුරු කෝලම, දවසට එක ගානේ උද්ගෝෂන කරා. දැන් මීක් නෑ. එයාගේ ඇම්බැට්ටයො ටිකට තනතුරු දී ගත්තනේ. දැන් ගාය හොඳ වෙලා වගේ.