IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


භාරතයේ වයලින් රජු දිවයිනට

(සමන්ත යහම්පත්)

ඉන්දියානු සම්භාව්‍ය වයලින් වාදනේ රජු ලෙස සැලකෙන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බ් සුබ්‍රමනියම් මහතා මෙරටට පැමිණ තිබේ.

ඔහු සමග දක්ෂ වාදන ශිල්පී අනග්ත පද්මනාභන් මහතා ද පැමිණීම ද විශේෂත්වයකි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන වැඩමුළු, ප්‍රසංග රැසකට සහභාගී වීමට පැමිණි ආචාර්ය අම්බ් මෙම 21 වැනි දා මෙරට රැඳී සිටියි.

ඔහු පිළිගැනීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති මහචාර්ය ශ්‍යම බැන්නැහැ මහතා සහ සිද්ධිපත් සිතා ආර්ථස් සභපාතිනි  කෞෂළ්‍යා වික්‍රමසිංහ  මෙනෙවිය කටයුනායක ගුවන්තොටුපොළේ දී ඔහු පිිලිගත්හ. 

ආචාර්ය අම්බ්ගේ ශාස්ත්‍රීය වාදන වැඩමුළුවක් අද පස්වරු 1.00ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙන අතර පස්වරු 6.30ට ඔහුගේ වාදන ප්‍රසංගයක් විශ්ව විද්‍යලයීය ගෘහස්ථ ක්‍රිඩාංගනදෙී  නොමිලයේ පැවැත්වේ.

මෙම ප්‍රසංගය සඳහා 5000කට අධිකර පිරිසක් සහභාගීවීමට කැමැත්ත පළ කර ඇත.

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවෘත්ත වෙනුවෙන් නිර්මාණය කරන වාර්තා චිත්‍රපටයේ  සංගීත අධ්‍යක්ෂණය කිරීම සඳහා අදාල ගිවිසුම අත්සන් කිරිම පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ හතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට ද නියමිතය.

ආචාර්ය අම්බ්  යාපනයේ ඉපිද 1982 දී ඉන්දියවට ගිය ලොව ප්‍රකට සංගීතඥ පණ්ඩිත් ආචාර්ය ලක්ෂ්මී නාරායන සුබ්‍රමනියම්ගේ පුත්‍රයා වේ. 



අදහස් (1)

භාරතයේ වයලින් රජු දිවයිනට

Lal Thursday, 18 January 2024 08:15 PM

ජෙප්පෝ සෙට් එක මොකක් හරි කලබලයක් ඇතිකරයි..!

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site