(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තලකිරියාගම තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමිදානය කරතිබූ අසූ හැවිරිදි කාන්තාවගේ මෘත දේහය වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් හාරා එම සිරුරේ හිස කොටස කපා වෙන්කර ගෙන රැගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
තෙන්නකෝන්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි අසූ හැවිරිදි මෙම කාන්තාව මියගොස් තිබූ අතර පසුගිය අගෝස්තු මාසයේ 8 වැනි දා එම සිරුර භූමදානය කර තිබිණි යැයිඋසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පොදු සුසාන භූමිය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු මේ බව දැක ඇතැයි පොලිසිය පවසයි.
මෙය දුටු එම පුද්ගලයා මේ බව මරණ මරණකාරියගේ දියණියට දැනුම් දී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
මරණකාරිගේ දියණිය මේ බව ගලේවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත
මළ සිරුරේ හිස කපා වෙන්කර ගෙන රැගෙන ගිය අය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමක් සිදුකිරීමට යොදාගැනීමටමෙම හිස රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව ගල් යුගය දක්වා ආපස්සට යනවා.