
(මනෝප්‍රිය ගුණසේකර)
භූමිතෙල් සහ ලංකා සුදු ඩීසල මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කළේය.
භූමිතෙල් රුපියල් 10/-කින්ද ලංකා සුදු ඩීසල් රුපියල් 15/-කින්ද මිල පහත දැමීමට ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කිරීමෙන් අනතුරුව අයි.ඹ්.සී සමාගමද භූමිතෙල් සහ ලංකා සුදු ඩීසල මිල අද (02) මධ්‍යම රාත්‍රීයේ සිටම ඊට සමාන මිලකින්ම පහත දැමීමට තීරණය කළේය.
ඒ අනුව රුපියල් 365/-ක්ව පැවැති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 355/-ක් වන අතර රුපියල් 420/-ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405/-ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 87 ට තිබුන භූමිතෙල් 365 දක්වා වැඩි කරලා රුපියල් 10 කින් අඩුකරලා මිනිස්සු රවට්ටන්න බෑ .ඔය බොරු උප්පරවැට්ටි වලින්