
(සිතුම් චතුරංග )
සිසිල් බීම බෝතලයක දමා තිබූ භූමිතෙල් පානය කිරීම හේතුවෙන් යාපනය කෝපායි වයස අවුරුද්දක දරුවෙක් මියගොස් ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසයි.
බීම බෝතලයක දමා මුළුතැන්ගෙයි තිබී ඇති භූමිතෙල් දරුවා රැගෙන සෙල්ලම් කිරීමෙන් අනතුරුව පානය කොට අැතිබවට අනාවරණවූ බවත් පොලිසිය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ කෝපායි පදිංචි අවූරුදු එකයි මාස දෙකක් වු දර්ශිතන් සස්වින් නැමති පිරිමි දරුවෙකි.
දරුවාගේ මව ආහාර පිසින අවස්ථාවක මුළුතැන්ගෙයි බිම තිබු භුමිතෙල් බෝතලය රැගෙන අැති බවත් පසුව භූමිතෙල් පානය කොට අැති බවත් පොලිසිය පැවසීය.
මව සිය දරුවා පිළිබද සොයා බැලීමේදී දරුවාගේ මුවින් භූමිතෙල් ගද වහනයවී අැති අතර පසුව ක්ලාන්තය වීම හේතුවෙන් මව විසින් ප්‍රථිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් අැති බව පොලිසිය පැවසීය.
දරුවා රෝහල්ගත කොට ප්‍රථිකාර අරම්භ කිරීමෙන් පැය කිහිපයකට පසු දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භූමි තෙල් පෙවුණ සිඟිත්තා මරුට