ඇෆ්ගනිස්තානයට අද (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පැවැසූහ.
භූම්කම්පාවෙන් තුවාල ලබා ඇති පිරිස් 600ක් යැයි මේ වනවිට ගණන් බලා තිබෙන අතර තුවාල ලැබුවන්ගේ සහ මියගිය අයගේ ගණන තවදුරටත් වැඩි වනු ඇතැයි එම නිලධාරීහු බිය පළ කළහ.
ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයට බලපෑ ඇති මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් යැයි වාර්තා වේ.
කඳුකර සහ දුෂ්කර ගම්මානවලට මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන අතර එම නිසා තොරතුරු ලැබීම ද ප්‍රමාද වී ඇත.
මෙම භූමිකම්පාව 2002 වසරෙන් පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමිකම්පාව බව ඇෆ්ගනිස්තාන මෙන්ම විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ ගිනිකොන දිග නගරයක් වන කෝස්ට් හි කිලෝමීටර 44ක් ඈතින් පිහිටි ප්‍රදේශයකදී භූමිකම්පාව හටගෙන තිබේ. එය පාකිස්තාන දේශසීමාවට ආසන්න යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ ය.
යුරෝපීය - මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව එහි ගණනය කිරීම රික්ටර් මාපකාංක 5.9කි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
භූමි කම්පාවෙන් මියගිය ගණන 1,000 පනී