IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලඹෙයි

ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලැඹුණි. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලටය.

භූමි කම්පාව හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහලගත කළ ගණන 11 කි. මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ හම්බෝල්ට් ප්‍රාන්තයෙනි.

නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ 70,000 ක් දෙනා විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවය.

ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසු කම්පන 80 ක් පමණ හටගත් බව ද පැවැසෙයි. ප්‍රධාන භූමිකම්පාව හටගත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිට කිලෝ මීටර් 350 ක් දුරිනි.

අධිවේගී මාර්ග ද ඇතුළු මාර්ග රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25152 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18148 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 588 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site