
(ආරියරත්න රණබාහු)
රුපියල් කෝටි එක්ලක්ෂ දහදාහක් මුදලක් භාණ්ඩාගාරයට ලැබිය යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගල්ගමුවේදී පැවසීය.
භාණ්ඩාගාරයට මුදල් ලැබීමට පෙර පිල්ලි ගසන බව සඳහන් කළ දිසානායක මහතා ඒ අනුව සීනි වලින් පමණක් කෝටි 1100ක මුදලක් සොරකම් කර ඇතැයි කීය.
රජයට බදු නොගොවා ඇති පිරිස අතර ව්‍යාපාරිකපාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ අනුග්‍රහය ලබන ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් සිටින බවද ඔහු පැවසීය .
මේ රට විනාශ වීමට හේතු අතර හොරකම දූෂණය වංචාව සහ නාස්තිය විශේෂම කරුණු යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ තත්ත්වය මගහැර රට මෙන්ම ජනතාවද පොහොසත් කරන ආණ්ඩුවක් සඳහා අවශ්‍ය සියලු සැලසුම් ජාතික ජන බලවේගය මේ වන විට සකස් කර ඇතැයි ද දිසානායක මහතා කීය
ඔහු මෙම අදහස් පළ කළේ ගල්ගමුව නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි..


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියත ජනපති අනුර කුමාර දිසානයක
මාලිමාවට ජය වේවා.
මගේ පියා වැඩ කළේ රාජ්‍ය බැංකුවක. ඔහුගේ මුළු ජීවිතයම වුණේ බැංකුව. ඔහු විශ්‍රාම ගියේ කළමනාකරුවෙක් වෙලා. ඔහු සේවයෙන් විශ්‍රාම යාමට ලං වුණාම කොළඔ අභ්‍යන්තර විගණන අංශයට මාරු කරනවා හැම කෙනෙකුටම වගේ සම්ප්‍රදායානුකූලව. ඔහු කියා සිටියේ කොළඹ ප්‍රධාන ශාඛාවල ඉතා විශාල මුදල් බොල්ණය ලෙස කපා හැර ඇති බවයි. ඒ වගේම ඔහු වැනි කුඩා මිනිසෙකුට ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගතහොත් මරණ තර්ජන එල්ල වන බවයි. ඒ 1998 වැනි කාලයේ සිදු වූ සිදුවීම්. දැන් වනවිට මොනතරම් බරපතල වංචා ඇතිද!