
(යොහාන් භාසුර)
මහා භාණ්ඩාගාරයේ ටි්‍රලියනක් පමණ ඉතිරිව තිබෙන්නේ යැයි කියන කථාව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බවත් ආර්ථික විද්‍යාවට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවිය නොහැකි බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පැවසීය.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘අයිඑම්එෆ් ප්‍රකීර්ණ විසදුම්’ කෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නුගේගොඩදී අද (13) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
මෙරට ප්‍රධාන ජාතික ගැටලු දෙකක් ඇති අතර ආණ්ඩුවක් එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම හෙවත් ජංගම ගිණුමේ එසේ නැත්නම් වර්තන ගිණුමේ හිඟය එහිදී ප්‍රධාන ගැටලුව බවත් 1950, 51 සහ 1977 අවුරුදු තුන හැරුණාම අබුදය ඇතිවන තෙක් සහ වර්තමානයේ ද ආණ්ඩුව එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත් ඒ මහතා කීය.
රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ එසේ නැත්නම් වර්තන ගිණුමේ හිඟය ලෙස හදුන්වන එම හිග`යක් තියෙන විට භාණ්ඩාගාරයේ මුකුත් ඉතිරි නොවන බව කී ගුණවර්ධන මහතා ඒ නිසා කවුරු ආණ්ඩු කළත්, කවුරු රටේ ජනාධිපති වුණත් එදිනිදා වියදම් පවත්වාගෙන යෑමට ආදායමකත් නොමැති නිසා හැමදාම දේශීය සහ විදේශීය වශයෙන් ණය ගන්න මෙන්ම ණය නොගත් ආණ්ඩුවක් නැතුවා වගේම ණය නොගෙන කරන ආණ්ඩුවක් අනාගතයේ ඇති නොවන බව ද සඳහන් කළේය.
රාජ්‍ය අය වැයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් හෝ ඊට අඩු කිරීම මෙම සියලුම අණ පනත්වලින් උත්සහ කරන බවත් අතිරික්ත එක එක ගිණුම්වල ඇති අතර ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවත් ඔහු කීය.
රජයේ ආදායමෙන් රජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර, එදිනදා පවත්වාගෙන යෑමට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදීගැනීමේ වියදම් දැරූ පසු පොලී වියදම් හැර වියදම වන ප්‍රාථමික ගිණුමේ සියයට 2.3 ක අතිරික්තයක් ඇති බවත් ණය පොලිය ගෙවීමෙන් පසුව ජංගම ගිණුමේ හිඟයක් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කවදාවත් කතන්දර කියලා නෑ, කට රවුම් කරලා පට්ටපල් පච කියනවා මිසක්. ඇයි කෙලින්ම කිව්වේ අවබෝධයෙන් බොරු කියනවා කියලා.
ඔබලාට නම් තවත් එක කථන්දරයක් තමයි.
ඔහේගේ ගිණුමේ ට්‍රිලියන කියක් තියෙනවද? මීට කලකට ඉහත රජයට අයත්ව තිබු , දැන් ඔහේගේ නමට තිබෙන දේපළ ප්‍රමාණය ට්‍රිලියන කියක්ද
2500න් රෙද්ද කාලා ඉදපන් බන්දුල..
මුගේ පුතාගේ මෝටර් බයික් හොරට රෙජිස්ටර් කරපුවා හොයන්නේ නැද්ද ජනාධිපති?
මාධ්‍ය හමුවක් අවශ්‍ය නැහැ කියලා විමසිය යුතුයි.
රුපියල් 7500/- පස්දෙනෙක් සිටින පවුලකට මාසයක් ජීවත්වෙන්න පුලුවන් කිව්‍ව ආර්තික විද්‍යා ඔස්තාර් කෙනත් රටේ ආර්තිකය ගැක පොර ටෝක් දෙනවා...
අනේ පලයන් යන්න. 2500 න් 4 දෙනෙකුට මාසයක් ජීවත්වීමට පුළුවන් කියපු මහ ලොකු ඔස්තාර්...
මේ කියන දේ තේරුම්ගන්න තරම් බුද්ධියක් ඩෝබිලාට නෑ.
ඔව් ඔව් ඔයත් රුපියල් 2500න් පවුලකට මාසෙකට කන්න බොන්න පුළුවන් කියලා කතන්දර කිව්වේ නැද්ද? දැන් කියන එකත් එහෙම කතන්දරයක්ද?
එක් අයෙකුට 2500 මාසයක් ජීවත්වෙන්න පුළුවන් ලු
අපිද කිව්වේ ට්‍රිලියනයක් තියෙනවා කියලා...?
රට කාපු වයිමා කතාකරයි....
සක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිළ අඩු කරන්ඩ බැහැ කියපු කෙනා කරපුවා ගැනත් අපි නොදන්නවා නොවෙයි.