IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


භාණ්ඩ ලැයිස්තුවේ විමර්ශන ඇරඹේ

 

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති මන්දිරයේ අස්ථානගතවී ඇති භාණ්ඩ  මොනවා දැයි එම ලයිස්තුව යොදාගෙන තහවුරු කරගැනීමේ    විමර්ශන අද  (16)  සිට ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ජනාධිපති මන්දිරයේ අස්ථානගතවී ඇති භාණ්ඩ මොනවා දැයි තහවුරු කරගැනීම සඳහා එහි භාණ්ඩ ලැයිස්තුව ලබාදෙන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් පසුගිය සතියේදී  ඉල්ලීමක් කළේය. එම ලයිස්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දී ඇත්තේ ඒ අනුවය.

මේ අතර ජනාධිපති මන්දිරයේ හානිවී ඇති භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුතුද දිගටම කරගෙන යන බව පැවසූ එම නිලධාරියා පරීක්ෂා කටයුතු සඳහා ජනාධිපති මන්දිරයේ  තවත් කාමරයක් ජනපති ලේකම් කාර්යාල නිලධාරීන් විසින් ඊයේ  විවෘත කර දෙනු ලැබූ බවද ප්‍රකාශ කළේය.

එම විමර්ශන කටයුතු  ඉදිරි සතියේද කිරීමට නියමිතව ඇතැයි  හෙතෙම පැවසුවේය.

මේ අතර  ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කිරීමේ කටයුතුද  දැනටමත් ආරම්භ කර ඇතැයි   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (4)

භාණ්ඩ ලැයිස්තුවේ විමර්ශන ඇරඹේ

fairoos Tuesday, 16 August 2022 05:13 PM

එතකොට නන්දසේන යනකොට අරන් ගිය ඒවා මේකට අදාළ නැද්ද?

:       5       6

uk ranTuesday, 16 August 2022 05:46 PM

අනේ ඔබලට ඔන විඩියට වැඩ වෙන්නෙ නැති නිසා තමයි එයාව එලව ගත්තෙ. කවදාවත් නන්දසේන හොරකම් කරල නෑ. මේ වගෙ ගොන් හරක් නිසා තමයි මේ විනසෙ වැඩි උනෙ.

:       0       0

senaTuesday, 16 August 2022 08:23 PM

එයා විතරක් නෙවෙයි... ඊට කළින් හිටපු කට්ටිය.. මම පත්තරේක දැක්කා ඕකෙ තියෙන වටිනා චිත්‍ර වගයක් ලන්ඩන් වල වෙන්දේසියකින් මතු වුණාලු... මීට අවුරුදු කීපයකට ඉහතදී...

:       0       0

විපරමා Wednesday, 17 August 2022 01:21 PM

ගෝඨාභය නාගරික සංවර්ධන ඇමැති වෙලා ඉන්න කාලේ කටුගෙයි වටිනා පුරාවස්තු අතුරුදහන් වුණා. ඒවාට වෙච්චි දේ තවම හොයාගන්න බැරිවුණා. සමහරවිට බහිරවයා ගෙනියන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site