
(යොහාන් භාසුර)
පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා අද (5) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩලවල උපරිම තොග සහ සිල්ලර මිල අඩු කර තිබේ.
වියළි මිරිස් කිලෝවකට රුපියල් 870 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 900 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 320 ක, අර්තාපල් කිලෝවකට රුපියල් 120 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 295 ක තොග මිල නැවත ප්‍රසිද්ධ කර තිබේ.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1200ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 280 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1050 ත් 1400 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 360 ත් 420 ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 180 ත් 250 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 310 ත් 380 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.
මීට පෙර මිල ප්‍රකාශයේදී වියළි මිරිස් කිලෝවකට රුපියල් 900 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400 ක, අල කිලෝවකට රුපියල් 145 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබුණි.
එහි වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1300 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 ත් 1500 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450 ත් 570 ත් අතර, අල කිලෝවක් රුපියල් 180 ත් 210 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300 ත් 360 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භාණ්ඩ 6ක මිල නැවත නිවේදනය කරයි
Prasanna Monday, 05 February 2024 01:28 PM
මොකක්ද මේකෙ වෙනස? ඔය දාලා තියෙන උපරිම මිලට වෙළෙන්දෝ බඩු විකුණාවි...
saman Monday, 05 February 2024 01:46 PM
සම්බා සහ කීරි සම්බා සහල්වලට සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කිරීම වඩා හොඳයි...!
sumaliMonday, 05 February 2024 07:19 PM
සුපිරි වෙළඳ සැල්වල බ්‍රෝකන් සම්බා කියල පැකට් පිරිලා...
Thilina Chinthaka Tuesday, 06 February 2024 05:32 AM
හොඳයි